සිසුන් ඉලක්ක කර විකුණන ටොෆී තොගයක් මාට්ටු

July 10, 2015

පාසල් ළමුන් ඉලක්ක කර ගනිමින් අලෙවි කෙරෙන ටොෆී  තොගයක් පිටකොටුව ප්‍රදේශයේදී පාරිභෝගික අධිකාරිය මගින් සොයාගෙන තිබේ.

එම ටොෆි වර්ගය ආහාරයට ගැනීමෙන් වමනය, හිසරදය සහ ක්ලාන්තය වැනි සෞඛ්‍ය ගැටළු ඇති වන බවට පාරිභෝගික අධිකාරියට පැමිණිලි ලැබී තිබූ බව සඳහන්ය.

ඒ අනුව අද පෙරවරුවේ පිටකොටුව, වේල්ලවීදිය සහ  කෙලින්වීදිය යන ප්‍රදේශවල සිදු කළ සෝදිසියකදී එම ටොෆී 6000ක තොගයක් සොයාගත් බව පාරිභෝගික අධිකාරිය පැවසුවේය.

නිෂ්පාදිත දිනය, කල්ඉකුත්වන දිනය, උපරිම සිල්ලර මිල මෙන්ම නිෂ්පාදකයෙකු හෝ ආනයනය කරන්නෙකුගේ නමක් එහි සඳහන් කර නොතිබූ බව පාරිභෝගික අධිකාරිය පවසයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p