මහින්ද – රනිල් නාමයෝජනා අත්සන් තබති

July 10, 2015

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්ව සිටින ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙක වන එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ සහ එක්‌සත් ජාතික පක්‍ෂයේ නාමයෝජනා ලැයිස්‌තුවලට අත්සන් තැබීම ඊයේ (9 වැනිදා) සිදුවූ අතර ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කොළඹ මහවැලි කේන්ද්‍රයේදීත් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සිරිකොත පක්‍ෂ මූලස්‌ථානයේදීත් සුබ මොහොතින් සිය නාමයෝජනා පත්‍රවලට අත්සන් තැබූහ.

සන්ධානයේ නාමයෝජනාවලට අපේක්‍ෂකයන්ගේ අත්සන් ලබා ගැනීම මහවැලි කේන්ද්‍රයේදී සිදු විය. මහින්ද රාජපක්‍ෂ මහතා මහ මැතිවරණය සඳහා තරග වදිනුයේ කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයෙනි.

නාමයෝජනා අත්සන් තබන අවස්‌ථාවට සහභාගි වීම සඳහා සන්ධානයේ මන්ත්‍රීවරු රැසක්‌ ඊයේ (9 දා) මහවැලි කේන්ද්‍රය වෙත පැමිණ සිටියහ.

එජාප අපේක්‍ෂකයන් සිය නාමයෝජනාවලට අත්සන් තැබීම සිරිකොතදී සිදුවූ අතර එජාපයේ මැති ඇමැතිවරු රැසක්‌ම එහිදී නාමයෝජනා සඳහා අත්සන් තැබූහ.

රනිල් වික්‍රමසිංහ මහතා නාමයෝජනා අත්සන් තබන මොහොතේ එජාප මහ ලේකම් කබීර් හෂීම් සහ නාමයෝජනා කමිටු ප්‍රධානී කරු ජයසූරිය යන මහත්වරුද සිරිකොතට පැමිණ සිටියහ.

නාමයෝජනා භාරදීම අවසන් වන ලබන සඳුදායින් (13 වැනිදා) පසු එළැඹෙන සතිය තුළදී එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු ඓතිහාසික අනුරාධපුර නගරයෙන් ආරම්භ කිරීමටද නියමිතව ඇත.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p