තැපැල් ඡන්ද අයඳුම්පත් බාරගැනීමේ දින මෙන්න

June 27, 2015

ඉදිරි මහ මැතිවරණයේදී තැපැල් ඡන්ද  ප්‍රකාශ කිරීම සඳහා වු  අයඳුම්පත් බාරගැනීමේ දින නියම කර තිබේ.

ඒ අනුව එළඹෙන ජුලිමස 3 වැනි දින සිට 14 වන දින දක්වා අදාළ අයඳුම්පත් බාරගන්නා බව  මැතිවරණ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේය.

මහ මැතිවරණයක් කැඳවීම සඳහා ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විසුරුවා හරින ලදී.

ඒ අනුව මහ මැතිවරණය එ‍ළ‍ඹෙන අගෝස්තු මස 17 වන දින පැවැත්වීමට නියමිතය.

මහ මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම ජූලි මස 6 වැනිදා සිට 15 වැනිදා සිදුකිරීමට නියමිතය තිබේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p