කැනඩාවට යන අලුත් මගක් හෙළිවෙයි

June 20, 2015

ව්‍යාජ ගමන් බලපත්‍රයක් යොදා ගනිමින්  කැනඩාව බලා යාමට උත්සහ කළ පුද්ගලයෙකු කටුනායක අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ පුද්ගලයා අද අළුයම 12.30ට ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යූ.එල්.454 දරණ ගුවන් යානයෙන් ජපානය හරහා කැනඩාව බලා යාමට පැමිණ ඇති බව සඳහන්ය.

එහිදි ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරින් විසින්  අදාළ පුද්ගලයාගේ ගමන් බලපත්‍රය පරික්ෂා කිරිමේදී  එය ව්‍යාජ අයුරින් කැනඩා වීසා ඇතුළත් කර සාදන ලද ගමන් බලපත්‍රයක් බවට අනාවරණය වී තිබේ.

අනතුරුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ඒකකයේ නිලධාරින් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව  වාර්තා වෙයි.

සැකකරු  යාපනය ප්‍ර දේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p