යහපාලනයෙනුත් කැසිනෝවට සහය

June 18, 2015

නීති විරෝධීව ගෙන්වා තිබියදී රාජසන්තක කරනු ලැබූ කැසිනෝ මේසයක් නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂකවරයකුගේ බලපෑම මත නිදහස් කිරීමේ සූදානමක් පවතින බව වාර්තා වේ.
 
මීට මාස හතරකට පමණ පෙර කැසිනෝ මේසය ශ්‍රී ලංකාවට ගෙන්වා ඇති අතර එය ගෙන්වීමට පෙර ICL නම් බලපත්‍රය රේගුව වෙත ඉදිරිපත් කළ යුතුය. එහෙත් එම කැසිනෝ මේසය ශ්‍රී ලංකාවට ගෙන්වන තෙක් අදාළ බලපත්‍රය ඉදිරිපත් නොකිරීම නිසා රාජසන්තක කර තිබේ. රාජසන්තක කරනු ලැබූ භාණ්ඩයක් නැවත එම පුද්ගලයාට ලබා දිය නොහැකි අතර නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂකවරා එය නිදහස් කරන ලෙසට රේගු නිලධාරීන්ට බලපෑම් කරමින් සිටින බව පැවසේ.
 

 

රුපියල් ලක්ෂ 12ක් පමණ වටිනාකමකින් යුතු මෙම කැසිනෝ මේසයට බදු ලෙස රේගුවට රුපියල් ලක්ෂ හතකට අධික මුදලක් අය විය යුතු බව පැවසේ. එම මුදලද අය කරගැනීමකින් තොරව මෙම කැසිනෝ නිදහස් කිරීමට සූදානම් වේ. කැසිනෝ මෙසය නිදහස් කර ගැනීමට බලපෑම් කරන නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂකවරයා පසුගිය රාජපක්ෂ පාලන සමයේ රේගු දෙපාර්තමේන්තුව තුළ සිදු කළ නීති විරෝධි, දූෂිත කටයුතු සඳහා සෘජුව සම්බන්ධ වී ක්‍රියා කර ඇති බවත් රේගු අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි.
 
-LT

Sammy

Previous story Next story

Leave a comment

t

o

p