ජනතා සේවයේදී සියලු පක්ෂවල එකඟතාවයක් අවශ්‍යයි

June 16, 2015

ජනතා සේවාවන් ඉටුකිරීමේ දී සියලූම පක්ෂ එකඟතාවයකින් යුතුව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

පළාත් සහ ජාතික මට්ටමේ මනා සම්බන්ධීකරණයකින් යුතුව සංවර්ධන ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ සමුළුවට එක්වෙමින් ජනාධිපතිවරයා එම අදහස් පළ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

දේශපාලන පක්ෂය හෝ දර්ශනය කුමක් වුවත් ජනතා නියෝජිතයන්ගේ අරමුණ විය යුත්තේ පොදු පුරවැසියන්ගේ යහපත වෙනුවෙන් සේවය  කිරීම බව එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර ඇත.

පළාත් මට්ටමින් පරිපාලනය සහ සංවර්ධනය ශක්තිමත් කිරීම වෙනුවෙන් ස්ථාපිත කළ, වසර 28ක් පුරා ක්‍රියාත්මක පළාත් සභා ක්‍රමයේ ගුණාත්මකභාවය පිළිබඳ සලකා බැලිය යුතු අවධියකට අද වන විට එළැඹ ඇති බව  ජනාධිපතිවරයා පවසයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p