පිළිකා අතුරුදන් කරන යුග පෙරළිකාරී ඔසුවක් සොයාගැනේ..

June 4, 2015

පිළිකා වර්ග ගණනාවක් අතුරුදන් කරන යුග පෙරළිකාර ඔසුවක් වෛද්‍යවරුන් විසින් සාර්ථක ලෙස අත්හදා බලා ඇතැයි වාර්තා වේ.

ඩිම්බ කෝෂ, ගර්භාෂ, පෙනහළු හා ආන්ත‍්‍රික පිළිකාවන්ට අදාළව මෙම ඖෂධ අත්හදාබැලීම සිදුකර ඇති අතර එහි සාර්ථකත්වය පිළිබඳව චිකාගෝහි පැවති සායනික පිළිකාවේදය පිළිබඳ ඇමරිකානු සංගමයේ වාර්ෂික සමුළුවට සහභාගී වූ විද්‍යාඥයින් විශ්මයට පත්වූ බව පැවසේ.

බි‍්‍රතාන්‍යයේ යේල් පිලිකා මධ්‍යස්ථානය විසින් මෙම පරීක්‍ෂණය සිදුකර ඇති අතර එහි වෛද්‍ය පිළිකාවේදය පිළිබඳ ප‍්‍රධානි රෝයි හර්බ්ස්ට් පවසා ඇත්තේ විශිෂ්ඨ ප‍්‍රතිඵල හිමිවූ මෙම පරීක්‍ෂණය විසින් පිළිකා රෝගයට ප‍්‍රතිකාර කිරීමේ සුසමාදර්ශී වෙනසක් සිදුකරනු ඇති බවයි.

උග‍්‍ර මෙලනෝමා තත්වයෙන් පීඩා විඳින රෝගීන් 945ක් එක් කරගනිමින් පැවැත්වුණු මෙම පරීක්‍ෂණයේදී සහභාගී වූවන්ගෙන් අඩකට වඩා පිරිසකගේ පිළිකා ගැටිති සම්පූර්ණයෙන් සුවවී හෝ හැකිළෙමින් ඇති බව අනාවරණය වී තිබේ.

මේ සඳහා ඉපිලිමුමාබ් හා නිවොලූමාබ් යන ඖෂධ භාවිතාවෙන් ප‍්‍රතිකාර කර ඇති අතර ඒවා සංයෝජනය කිරීම මගින් වඩා යහපත් ප‍්‍රතිඵල ලබාගත හැකි බවද හෙළිවී ඇත.

රෝගීන්ගෙන් 1/10කගේ පිළිකා තත්වයන් සම්පූර්ණයෙන් සුව කිරීමට මෙම නව ඔසුවලට හැකිවූ බවද වාර්තා වේ. ප‍්‍රතිශක්තිකරණය ඉහළ නැංවීම මගින් පිළිකා සුව කිරීමේ ක‍්‍රමවේදය පිළිකා විනාශ කිරීමේ ප‍්‍රතිකාර ක‍්‍රමවේදයට වඩා හිතකර හා කාර්යක්‍ෂම බව වාර්තාවේ

Sammy

Previous story Next story

Leave a comment

t

o

p