මුස්ලිම් කාන්තාවකට ඇමරිකානු ගුවන්සේවයකින් වෙනස් සැලකීමක්

June 3, 2015

ඇමරිකානු යුනයිටඞ් එයාර්ලයින්ස් ගුවන්සේවයට අයත් යානාවක ගමන් කළ ඇමරිකානු මුස්ලිම් ජාතික කාන්තාවකට ගුවන්යානා කාර්යමණ්ඩලය විසින් වෙනස් ලෙස සැලකීමේ පුවතක් වාර්තා වේ.

චිකාගෝහි වයඹදිග වීශ්වවිද්‍යාලයේ අන්තර් ලබ්ධික සබඳතා පිළිබඳ අධ්‍යක්‍ෂිකා ටහෙරා අහමඞ් විවෘත නොකළ ඩයට් කෝක් කෑනයක් යානය තුළට ගෙන යාමට උත්සහ කළ අවස්ථාවේදී ආරක්‍ෂක හේතූන් මත ඒ සඳහා අවසර නොදුන් බව ඇය විසින් සිය ෆේස්බුක් පිටුව තුළ සඳහන් කර තිබේ.

නමුත් සුළු වේලාවකින් යාබද අසුනේ මගියාට විවෘත නොකළ බීර කෑනයක් ගෙන ඒමට අවසර හිමිවූ බව දුටු අහමඞ් තමන්ගේ ඩයට් කෝක් කෑනය ගෙන ඒමට නොදුන්නේ ඇයිදැයි යළි විමසා ඇති අතර කාර්යමණ්ඩල සේවිකාව පවසා ඇත්තේ විවෘත නොකළ කෑනයන් ලෙස අවි ගෙන ආ හැකි නිසා එලෙස කළ බවයි.

තමන්ට සිදුවූ අසාධාරණය පිළිබඳව ප‍්‍රශ්න කළ 31 හැවිරිදි ටහෙරා අහමඞ් මේ වෙනුවෙන් මැදිහත්වන ලෙස අනෙකුත් මගීන්ට කළ ඉල්ලීමට ප‍්‍රතිචාර වශයෙන් ඇතැමෙක් ඇයට අසභ්‍ය වචනයෙන් බැණ වැදුණු බවද හෙළි කර තිබේ.

මේ පිළිබඳ අදහස් දැක්වූ යුනයිටඞ් ගුවන්සේවා පරිපාලනය පවසා ඇත්තේ මෙම ගැටළුව අනවබෝධය නිසා සිදුවූවක් බවයි.

වොෂින්ටනයට යානාව ළගාවූ පසු ඇය සමග සිදුවීම සාකච්ඡුා කළ බවද ඔවුන් පවසා තිබේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p