කාන්තා ක්‍රිකට් කළමනාකරුවන්ට එල්ල වූ ලිංගික අල්ලස් චෝදනා සනාථයි!

May 22, 2015

ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්තා කණ්ඩායමේ කළමනාකාරීන් කිහිපදෙනෙකුට විරුද්ධව එල්ල වී  තිබූ ලිංගික අල්ලස් චෝදනා සනාථ වී ඇති බව ක්‍රීඩා අමාත්‍යංශය පවසයි.

ඒ අනූව ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කරන බව එම අමාත්‍යංශය  විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වෙයි.

තවද ක්‍රීඩා අමාත්‍යාංශය වෙත ලැබී ඇති කමිටු සාමාජිකයන්ගේ නිර්දේශ ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පාලක කමිටුව වෙත ඉදිරිපත් කර ඊට අනුකූලව ක්‍රියාකිරීමට උපදෙස් ලබාදීමට කටයුතු කරන බවද එම නිවේදනයේ සඳහන්ය.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ලිංගික අල්ලස් චෝදනා සොයාබැලීම සඳහා පත්කළ කමිටුවේ වාර්තාව ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා වෙත ඊයේ බාරදී තිබුණි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p