යුධ සැමරුම කුමක් සදහාද?

May 19, 2015

අපි ලාංකිකයෝ සංවිධානය අද 19දින පෑවෑත් වු යුධ විරුවන් සිහිපත් කිරීමේ උත්සවය සම්බන්දයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනය …………

මෙවරද මාතර නගරයේ සම්පූර්ණ ජන ජීවිතය අඩාල කරමින් යුධ සැමරුම මහත් උත්කර්ෂවත්

අන්දමින් අද දින සමරන ලදි.
යුද්ධය යනු අපරාධයකි. යුද්ධය තුළ අහිමි වූයේ බහුතරයක් සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිතය. එයට
උතුේරද දකුණේද කියා වෙනසක් තිබුණේ නැත. එහි වේදනාවට උතුරේද දකුණේද කියා වෙනසක්
තිබුණේ නැත. යුද්ධයේ විලාපයට උතුරේද දකුණේද කියා වෙනසක් තිබුණේ නැත. දරුවන්ට
දෙමාපියන් අහිමි වීමේ වේදනාවට උතුරේද දකුණේද කියා වෙනසක් තිබුණේ නැත. කාන්තාවන්
වැන්දඹුවන් වීම උතුරේද දකුණේද කියා වෙනසක් තිබුණේ නැත. එබැවින් යුද්ධය යනු අපරාධයක් මිස
අන් කිසිවක් නොවේ. යුද්ධය තුළ ගැලූ හැම ක`දුලක්ම ගැලූවේ මිනිසුන්ගේ ඇස්වලිනි. එබැවින් යුද්ධය
අපරාධයක්ම වේ.
එවැනි අපරාධයක් සැමරීම සැබවින්ම ඉතා මිලේච්ඡු සහගතය. කැවුම් කිරිබත් කා සතුටු වීමට
තරම් දෙයක් එහි නැත. මේ සිදුකරමින් සිටින්නේ කුමක්ද? මෙවැනි අපරාධයක් ජයග‍්‍රහණයක් ලෙස
හුවාදැක්වීම නොව ඛේදවාචකයක් ලෙස පිළිකුලෙන් යුතුව හෙළා දැකිය යුතුය.
යුද්ධය අවසන්වීම හො`දය. යුද්ධය අවසන් වීම තුළ නැවත වතාවක් බිම් බෝම්බවලට හසුවී,
බස් බෝම්බවලට හසුවී මිනිසුන් මියයන්නේ නැත. එබැවින් යුද්ධය අවසන් වීම හො`දය. නමුත් අද දින
සිදු කළ යුත්තේ උතුරට වෙඩි තැබුවේ මෙවැනි ආයුධවලින් බව කෑමොර දෙමින් සන්දර්ශන පැවැත්වීම
නොවේ. ඒ තුළ නැවත වතාවක් උතුරේ ජනතාවට ජාතිවාදී යුද්ධයකට අත වනයි.
අනෙක් අතට දකුණේ යුධ සැමරුම් පවත්වද්දී උතුරේ ජනතාවට තම මියගිය ඥාතීන් සිහිකර
ඉටිපන්දමක්වත් දැල්වීමට අවසරයක් ලබා දී නැත. මෙම`ගින් සිදුවන්නේ උතුරේ ජනතාවගේ
ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහිමි කිරීමක් නොවේද? මේ හරහා නැවත වතාවක් පෝෂණය කරන්නේ ජාතීවාදී
මතවාද නොවේද? මෙම`ගින් අ`ඵ යට තිබෙන ගිනි පුපුරු නැවත වරක් ගිනියම් වීම මිස වෙන කිසිවක්
සිදු නොවනු ඇත.
අද දින සැමරිය යුත්තේ යුද්ධය අවසන් කිරීම ජයග‍්‍රාහීව සැමරීම නොව සියලූ ජාතීන් එකතු වී නැවත යුද්ධයන් ඇති වීම වැළැක්වීමය. ඒ ස`දහා සැමරුම් පැවැත්වීමය. ජාතීවාදී මතවාද පරාජය කර නැවත වතාවක් ලාංකීය ජාතිය ලෙස එකතු වීමට ජාතීන් අතර සංහි`දියාව වර්ධනය කිරීමය.
එය තුළ යුද්ධය අවසන් වීමෙන් පසු සැබෑ නිදහස, සැබෑ ජයග‍්‍රහණය අත්පත් කරගත හැකිය. එබැවින් මෙවැනි ජාතීවාදී මතවාද පෝෂණය කරන ජාතිවාදය පෝෂණය කරන යුධ සැමරුම්වලට එරෙහි වෙමු. සියලූ ජාතික පීඩනයන්ටත්, සියලූ ජාතිවාදයන්ටත් එරෙහිව එක්ව සටන් කරමු.
ස්තූතියි.

මීට
අපි ලාංකිකයෝ සංවිධානය

Sammy

Previous story Next story

Leave a comment

t

o

p