ජාතික රණවිරු සැමරුම 20 වැනිදා කෝට්ටේදී

May 16, 2015

ජාතික රණවිරු සැමරුම ලබන 20 වැනිදා පස්වරුවේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

රණවිරු සේවා අධිකාරිය මගින් පවත්වනු ලබන මෙම ජාතික සැමරුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.

මෙම සැමරුම් උත්සවයට සමගාමීව මැයි මස 21 වැනිදා පෙරවරු 10.00ට පසුගිය වසරේ පළාත් ආණ්ඩුකාරවරුන් වෙත බෙදාදුන් රණවිරු කොඩි අරමුදල් එකතු කිරීම හා නව වසරේ මුද්‍රණය කැර ඇති කොඩි බෙදාදීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනපති නිල නිවසේදී සිදු කෙ‍රේ.

තවද මැයි 20 වැනි දින සිට ජුනි 20 වැනිදා දක්වා වූ කාලය රණවිරු සැමරුම් කාලය ලෙස නම් කරමින් රණවිරු උපහාර වැඩසටහන් පළාත් මට්ටමින් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p