ප්‍රවීණ රංගන ශිල්පී දයා අල්විස්‌ ජීවිත රඟමඬලින් සමුගනී

April 28, 2015

ප්‍රතිභා පූර්ණ රංගන ශිල්පියකු ලෙස ප්‍රේක්‍ෂක ආදරයටත් සම්මානයටත් පාත්‍ර වූ දයා අල්විස්‌ මහතා ඊයේ (27 දා) අභාවප්‍රාප්ත විය. මියයන විට 72 වැනි වියේ පසුවූ දයා අල්විස්‌ මහතා පයාගල ඉඳුරුවගොඩදී උපත ලබා කළුතර ඥනෝදය විදුහලෙන් අධ්‍යාපනය ලැබීය. කුඩා කල ගායකයකු වීමට ආශා කළ අල්විස්‌ මහතා ගුවන්විදුලියෙන් 1956 දී “ළා දලු වන මල්” ගීතය ගැයුවේය. 1964 ඉන්දියාවේ භාත්ඛණ්‌ඩේ සංගීත විද්‍යා පීඨයට ඇතුළත්ව සංගීත උපාධිය ලැබූ ඔහු ගුරු වෘත්තියට පිවිසුනි. වේදිකා නාට්‍ය රාශියක රඟපෑම හා ගීත ගායනයද කළ ඔහු නාට්‍ය කිහිපයක සංගීත අධ්‍යක්‍ෂණයද කළේය. තිලක හා තිලකා චිත්‍රපටයෙන් 1976 දී සිනමා රංගනයට එක්‌වූ හෙතෙම මඩොල්දූව, වල්මත් වූවෝ, කොළඹ සන්නිය, වීර පුරන්අප්පු, සිංහබාහු, සරුංගලේ, බඹරු ඇවිත්, උතුමාණෙනි, කරුමක්‌කාරයෝ, මල්දෙණියේ සිමියොන්, දඩයම, සිරිබෝ අයියා, සෙලිනාගේ වලව්ව ඇතුළු චිත්‍රපට රාශියක රඟපෑවේය. තිර කතා රචකයකු නිෂ්පාදකවරයකු අධ්‍යක්‍ෂවරයකු ලෙස පුංචි තිරයේද ඒ මහතා තම ප්‍රතිභාව දැක්‌ වූ අතර සම්මාන රාශියක්‌ද හිමිකර ගත්තේය.

රිය අනතුරකින් තුවාල ලබා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ දයා අල්විස්‌ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p