නේපාල ඛේදවාචකයෙන් 2000 අධික පිරිසක් මරුට

April 27, 2015

නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් (26)  රාත්‍රී දිවයිනට පැමිණිමට නියමිතව තිබේ.

භූමිකම්පාවෙන් විපතට පත් ජනතාවට සහන සැළසීම සඳහා නේපාලයට මෙරට සහන කණ්ඩායම රැගෙන ගිය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් යානයෙන් ඔවුන් දිවයිනට පැමිණිම නියමිතය ඇත.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක වින් කමාන්ඩර් ගිහාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේ 35 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙලෙස  පැමිණෙනු ඇති බවයි.

මේ අතර නේපාලයට බලපෑ භූමිකම්පාවෙන් විපතට පත් ජනතාව සඳහා සහන සැළසිම සඳහා තවත් කණ්ඩයමක්  පිටත් කර හැරිමට සැළසුම් කර තිබේ.

යුධ හමුදා  මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා සඳහන් කළේ විපතට පත් වුවන් සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයද නේපාලයට ගෙන යාමට නියමිත බවයි.

එසේම  නේපාලයට බලපෑ භූ කම්පන තත්ත්වය හේතුවෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් සිදුවී නොමැති බව නේපාලයේ පිහිටි ශ්‍රී ලංකා තනාපති කාර්යාලය සඳහන් කළේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p