මැයි දින රැලි 16 ක්

April 26, 2015

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි දින රැුලිය කොළඹ හයිඞ් පිටියේදී ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙයි.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු හා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව නායකයා ලෙස පත් වීමෙන් පසු පවත්වන ප‍්‍රථම මැයි දින රැුලිය මෙයයි.

නෙළුම් පොකුණ – ඇස්වාට්ටුව මංසන්ධිය හා ඩාර්ලි පාරේ ගාමිණි හෝල් මංසන්ධියේ සිට එ.ජ.නි.ස. මැයි පෙළපාළි පිටත් වීම සංවිධානය කර තිබේ. එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැුලිය බොරැුල්ල කැම්බල් පිටියේදී පක්ෂයේ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වේ.

මේ මැයි රැුලියට පෙර කොළඹ පුරහල අසලින් මැයි පෙළපාළි කැම්බල්පිටිය දක්වා ගමන් කිරීමට කටයුතු සංවිධ‍ානය කර තිබේ. ජාතික සේවක සංගමය ප‍්‍රමුඛඑ.ජා.ප. වෘත්තීය සමිති හා අනිකුත් සංවිධාන මෙවර පෙළපාළියට සහභාගි වනු ඇත.

ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින රැුලිය 1 වැනිදා හවස කොළඹ හැව්ලොක් ටවුමේ බී.ආර්.සී. ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.‘ජනතා හඬ ජනතා බලය දිනවන රතු මැයි රැුලිය’ යන තේමාව යටතේ මේ මැයි දින රැුලිය පැවැත්වේ. මෙහි පෙළපාළිය දෙහිවල ඇස් ද එස් ජයසිංහ විදුහල් ක‍්‍රීඩාංගණය අසලින් පිටත් වෙයි.

වමේ පක්ෂ එකමුතුවෙන් දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල ඇතුළු කණ්ඩායමේ මැයි දින රැුලියක් ද කිරුළපනදී පැවැත්වෙයි.

ප‍්‍රධාන මැයි දින රැුලිවලට අමතරව තවත් මැයි දින රැුලි 12 ක් පමණ කොළඹදී පැවැත්වෙන අතර, නුවරඑළිය, මහනුවර, කළුතර ආදි ප‍්‍රදේශවල ද මැයි දින රැුලි පැවැත්වෙයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p