රාජිත කිවුවාලූ මට ජම්පර් අන්දනවා කියලා

April 26, 2015

ඡන්දෙන් පත්වුණේ එක්කෙකෙන් වුණත් දැන් විධායක ජනාධිපතිවරුන් කිහිප දෙනෙක් ඉන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නුවරඑළියේ පැවති බෝධි පුජා පින්කමට සහභාගී වෙමින් කියා සිටියේය.

‘ඒ කාලෙ නං කිවුවෙ කැබිනට් එක වැඩියි කියලා. අද කියන්නෙ විධායක ජනාධිපතිවරු වැඩියි කියලා. ඇත්තටම කවුද දන්නේ නෑ විධායක ජනාධිපති. ඡන්දෙන් නම් ආවේ එක්කෙනයි. එත් දැන් ඉන්නවා ගොඩක්. ඒ ඔක්කෝටම ඕනේ අපිව අල්ලගන්න. මට ජම්පර් අන්දනවා කියලා රාජිත මහත්තයා කිව්වාලු. මං තුන්මාසයක් ඉඳලා ආපු කෙනෙක්. එත් අපිව හිරගෙවල්වල දැම්මත් කූඩු කළත් ජනතාවගේ හදවත්වල කූඩුවෙලා ඉන්නවා. ගතවුණු දින 100 පළිගැනීම්වලින් පිරිච්ච දින 100ක්’ යයි ඔහු එහිදී කියා සිටියේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p