අයි එස් ත‍්‍රස්තයන් කිතුනුවන් 30කගේ ගෙල සිඳන වීඩියෝවක් අන්තර්ජාලයට

April 21, 2015

ලිබියාවේදි ඉතියෝපියානු ක‍්‍රිස්තියානීන් 30 දෙනකු පමණ ඝාතනය කරන අයුරු දැක්වෙන වීඩියෝවක් අයි එස් ත‍්‍රස්තයන් විසින් පෙරේදා අන්තර්ජාලයට මුදා හැර තිබේ.ලිබියාවේ ෆෙසාන් හා බර්කා පළාත් දෙකට අයත් අයි එස් කණ්ඩායම් දෙකක් විසින් මේ ඝාතනයන් සිදුකර ඇත. වින්දිතයන්කොටසකට වෙඩිතබා ඝාතනය කරන අයුරුද සෙසුකොටසේ හිස් ගසා දමන අයුරු ද විඩියෝවෙන් දැක්වේ.

විනාඩි 29ක මෙම වීඩියෝව නිකුත්ව ඇත්තේ ඇෆ්ගනිස්තානයේ පුද්ගලයන් 35 දෙනකුට දිවි අහිමිකළ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් සම්බන්ධයෙන් ඇෆ්ගන් ජනාධිපතිවරයා අන්තවාදීන්ට චෝදනා කිරීමෙන් දිනකට පසුවය.

මීට කලින් ලිබියානු වෙරළකදී ඊජිප්තු ක‍්‍රිස්තියානින් 21 දෙනකුගේ හිස් ගසා දමන අයුරු දැක්වෙන විඩියෝවක් ඉකුත් පෙබරවාරියේදි නිකුත් කර තිබිණ. ඊජිප්තු ව ඊට ප‍්‍රතිචාර වශයෙන් ලිබියාවේ අන්තවාදී ති‍ප්පොලවලට ගුවන් ප‍්‍රහාර එල්ල කළ අතර පෙරේදා නිකුත් වීඩියෝවට ප‍්‍රතිචාරවශයෙන් ඉතියෝපියානු බලධාරින්ද එසේ ප‍්‍රතිචාර දක්වන්නේද යන්න පැහැදලිව දැක්වා නැත.

අදාළ වීඩියෝව ආරම්භවී ඇත්තේ ක‍්‍රිස්තියානි මුස්ලිම් සබඳතා ඉතිහාසය ගෙනහැර පාමිනි. ඉන්පසු සටන්කාමින් ක‍්‍රිස්තියානි පල්ලි, සොහොන් බිම් හා ප‍්‍රතිමා බිඳහෙළන අයුරු දැක්විණ.‍ පිස්තෝලයක් ලෙළවන මුහුණ ආවරණය කරගත් සටන්කාමියකු ක‍්‍රිස්තියානින් එක්කෝ මුස්ලිම් ආගම වැළඳගත යුතු බව හෝ කුරානයේ සඳහන් පරිදි විශේෂ බද්දක් ගෙවිය යුතු බව කියා තිබේ.

 

27BE3ACF00000578-3046799-The_men_thought_to_be_migrant_works_are_described_by_Islamic_Sta-a-23_1429521336933 27BE25C700000578-3046799-The_militant_in_black_who_is_completely_covered_apart_from_his_e-a-25_1429521336937 27BE25D000000578-3046799-image-a-24_1429521336935 27BE69E600000578-3046799-A_masked_fighter_in_black_right_brandishing_a_pistol_vows_to_kil-a-34_1429521337438

Sammy

Previous story Next story

Leave a comment

t

o

p