අල්ලස් කොමිසමේ ක්‍රිය කලාපයට දැන් මන්ත්‍රීවරු 84ක් විරුද්ධයි

April 20, 2015

අල්ලස් කොමිසමේ ක්‍රියා කලාපයට විරෝධය දක්වමින් මේ වන විට එ.ජ.නි.ස. මන්ත්‍රීවරුන් 84 දෙනෙකු ලිපිය අත්සන් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

මීට පෙර මන්ත්‍රීවරු 55 දෙනෙකු අදාළ ලිපිය සඳහා අත්සන් තබා තිබු බවත්, මේ වන විට මන්ත්‍රීවරු 84ක් එම ලිපියට අත්සන් තබා ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම විසින් සීමාවන් ඉක්මවා කටයුතු කර ඇති බව‍ අදාළ ලිපියේ සඳහන් කර ඇති බව වාර්තා වෙයි.

අද පෙරවරුවේ සිට විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තු සභා මධ්‍යයේ සිටි විරෝධතාවයක් දක්වමින් පවතියි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p