රිපබ්ලිකන්වරුන් පුටින්ට වඩා ඔබාමාට බයයිලූ

April 12, 2015

ඇමරිකාවේ රිපබ්ලිකන් පාක්‍ෂිකයින්ගෙන් 1/3ක ප‍්‍රමාණයක් ජනාධිපති බරැක් ඔබාමා ඇමරිකාව මුහුණදෙන ආසන්නතම තර්ජනය ලෙස හඳුනාගන්නා බව වාර්තා වේ.

රොයිටර් පුවත්සේවය හා ඉප්සොස් ආයතනය විසින් සිදුකළ සමීක්‍ෂණයකින් මේ බව අනාවරණය වී තිබේ.

මේ සඳහා ඩිමොක‍්‍රටික් පාක්‍ෂිකයින් 1083ක් සහ රිපබ්ලිකන් පාක්‍ෂිකයින් 1059ක් ලෙස 2809 දෙනෙකු සහභාගිවී ඇති අතර රටවල්, සංවිධාන හා පුද්ගලයින්ගේ නම් ලැයිස්තුවක් ඔවුනට ලබාදී ඇමරිකාවට එල්ල කරන තර්ජනයේ මට්ටම 1-5 දක්වා වර්ගීකරණය කරන ලෙස දක්වා ඇත.

එහිදී 34%ක ප‍්‍රමාණයක් ඔබාමා ආසන්නතම තර්ජනය ලෙස හඳුන්වා ඇති අතර රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා ඊට 9%ක් අඩු අගයක් වාර්තා කිරීම විශේෂත්වයකි.

රුසියානු ජනාධිපතිවරයාට පසුපසින් සිරියානු ජනාධිපති බෂාර් අසාද් ද ඇමරිකාවට තර්ජනයක් බව හඳුනාගෙන ඇතැයි පැවසේ.

බිය සංස්කෘතිය නම් කෘතියේ ලේඛක සමාජ විද්‍යාඥ බැරී ග්ලාස්නර් පවසා ඇත්තේ ඇමරිකානු ජනමාධ්‍ය විසින් ප‍්‍රධාන පක්‍ෂ දෙක අතර බිය වැපිරවීම සාමාන්‍ය තත්වයක් වී ඇති බවයි.

27% රිපබ්ලිකන්වරුන් ඩිමොක‍්‍රටික්වරුන්ට බිය බව පවසා ඇති අතර ඩිමොක‍්‍රටික්වරුන් අනෙක් පිරිසට බිය දක්වන ප‍්‍රමාණය 22%කි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p