මේ මොකද වෙන්නෙ.. එජාප පාක්‍ෂිකයෝ අන්දුන් කුන්දුන් වෙලා ඉන්නෙ

April 9, 2015

ජාතික ආණ්ඩු සංකල්පය නිසා එ.ජා.ප සාමාජිකයන් අන්දුන් කුන්දුන් වෙලා ඉන්නා බව බස්නාහිර පළාත් සභාවේ විපක්ෂ නායක මංජු ශ‍්‍රී අරංගල මහතා පවසයි.

ඔහු මෙසේ පැවසුවේ හෝමාගම උඩුගහපත්තුවේදී පැවති ජනහමුවක් අමතමිනි.

ඔහු එහිදී මෙසේද කීය.

‘රාජපක්ෂ පාලනය බිද දමා මේ රජය බිහි කිරීමට මුල් වුණේ ග‍්‍රාමීය මට්ටමේ එ.ජා.ස සංවිධාන. ඉන් ඔවුන් බලාපොරොත්තු වුණේ මැතිවරණ සමයේ රටට කී දෙය ඉටු කර ගැනීමටය. ඔවුන් වසර 20ක් තිස්සේ මුහුණ පෑ අසාධාරණකම්වලට සහන ලබා ගැනීමටයි. නමුත් ජාතික ආණ්ඩු සංකල්පය නිසා මැතිවරණයේදී මෛත‍්‍රීපාල සිරිසේන හා රනිල් වික‍්‍රමසිංහ යන නායකයන්ට විරුද්ධව වැඩ කරමින් අපවාද නැගූ අයටත් දැන් මැති ඇමැතිකම් හිමි වෙලා.

එදා මැතිවරණයේදී විරුද්ධව වැඩ කළ අයත් දැන් රජයට ආවඩමින් පෝස්ටර් ගහනවා.කටවුට් ගහනවා.මිනිස්සුන්ට කිසිදෙයක් සිතා ගන්නට බැරි තත්ත්වයකට පත් වෙලා.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p