ජාතිවාදී, ආගම්වාදී සියළු ප‍්‍රකාශ, මාධ්‍ය වාර්තා තහනම්..

April 4, 2015

වෛරී භාෂණය වැළැක්වීම අරමුණු කොට ගත් නීති ඇතුළත් වන පරිදි දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය එකඟතාව පල කරති.

මේ අනුව වාර්ගික හෝ ආගමික ගැටුම්වලට තුඩු දෙන වෛරී අදහස් වැපිරීම දණ්ඩ නීති සංග්‍රහයේ වරදක් බවට පත් වෙයි.

එම සංශෝධන ගෙන එන ලෙසට නීති කෙටුම්පත් සම්පාදකගෙන් ඉල්ලා සිටීම සඳහා අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය ලැබුණු බව අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශක රාජිත සේනාරත්න ඇමතිවරයා පැවසුවේය.

ආගම් හා ජාතිවාදය පිළිබිඹුවන කිසිම ප්‍රකාශනයක් ජන මාධ්‍ය මගින් හෝ වෙනත් ආකාරයකින් සිදු කළ නොහැකි බව සේනාරත්න ඇමතිවරයා අවධාරණය කළේය.

– BBC

Sammy

Previous story Next story

Leave a comment

t

o

p