කුඩු ජාවරමට හසු වන්නන් එල්ලුම් ගහට

March 27, 2015

මෙරට මත්ද්‍රව්‍ය ජාවාරමට සෘජුව වගකිව යුත්තේ දේශපාලනඥයින් බව මහජන සාමය,ආපදා කළමනාකරණය හා ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පැවසීය.

කටාන ප්‍රදේශයේ නව පොලිස් ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේ ය.

මත්ද්‍රව්‍ය කන්ටේනර් මෙරට ගෙන ඒම කාගේ වුවමනාවට සිදු වූවා ද යන්න ඉදිරියට දැන ගැනීමට හැකි වනු ඇති බවත් ඔහු එහිදී පැවසීය.

එවැනි වරදවල්වලට හසුවන්නන් එල්ලුම්ගහට යැවිය යුතු බවයි අමාත්‍යවරයාගේ මතය වී ඇත්තේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p