පොලිස්‌පතිටත් නොදන්වා පොලිස්‌ පුටු වෙනසක්‌

March 11, 2015

පොලිස්‌ දෙපාර්තමේන්තුවේ හෝ පොලිස්‌පතිවරයාගේ අනුදැනුමකින් තොරව ලොකු පුටුවල වෙනසක්‌ කරමින් ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරීන් සහ පොලිස්‌ ස්‌ථානාධිපතිවරුන් 300 කට ආසන්න පිරිසකගේ මාරුවීම් ලැයිස්‌තුවක්‌ අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යාංශය විසින් සකස්‌ කර ඇත.

මෙම මාරු කිරීම් එකවර ක්‍රියාත්මක නොකර වරින් වර කොටස්‌ වශයෙන් ක්‍රියාත්මක කරන බව පොලිස්‌ මූලස්‌ථානයෙන් ලැබෙන ආරංචි මාර්ග කියා සිටියි.

පසුගිය රජය සමයේ අසාධාරණකම්වලට ලක්‌වූ නිලධාරීන් වැඩි පිරිසකට සාධාරණයක්‌ ඉටුකරමින් ඔවුන්ට වගකිවයුතු ස්‌ථානවල රාජකාරි ලබාදීමට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය කටයුතු කරමින් සිටියි. පසුගිය 8 වැනිදා ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරීන් 23 දෙනෙකු සඳහා මාරුවීම් ලබාදී තිබූ අතර ඒවායෙන් වැඩි ප්‍රමාණයක්‌ පොලිස්‌පතිවරයාගේ නිර්දේශ මත ක්‍රියාත්මක නොවූ ඒවා බවද වාර්තා විය.
 

 

හේමන්ත රන්දුණු

Sammy

Previous story Next story

Leave a comment

t

o

p