ඉන්දු-ශ්‍රී ලංකා සිවිල් න්‍යෂ්ටික සහයෝගීතා ගිවිසුමක්

February 17, 2015

ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් ඊයේ ද්විපාර්ශ්වික සිවිල් න්‍යෂ්ටික සහයෝගිතා ගිවිසුමක් ඇතුළු ගිවිසුම් කීපයකට අස්සන් කළහ. මේ ගිවිසුම අස්සන් කෙරුණේ ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතරය. මෙය දෙරට අතර අන්‍යෝන්‍ය විශ්වාසය තහවුරු කරන්නක් බව ඉන්දීය අගමැතිවරයා ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සිය ප්‍රථම විදේශ සංචාරයේ යෙදෙමින් ඊයේ ඉන්දියාවට පැමිණීමෙන් පසු මෙසේ න්‍යෂ්ටික සහයෝගිතා ගිවිසුමකට එළඹුණු අතර එය ශ්‍රී ලංකාවේ බලශක්ති අරමුණු ඉටුකරගැන්මේලා ඉන්දියාව දක්වන සහයෝගය පිළිබිඹු කරන්නක් බව විචාරකයන්ගේ මතය වී තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ උදේ සිය ප්‍රථම විදේශ සංචාරයේ යෙදෙමින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට ළඟා වු අතර රාෂ්ට්‍රපති භවන්හිදී රතුපලස මතින් ඔහු පිළිගැනුණේ හමුදා ආචාර මධ්‍යයේය.

ශ්‍රී ලංකාව ඉන්දියාවේ සමීපතම අසල්වැසියකු හා මිත්‍රයකු බවත් ඉන්දියාවේ හොඳ හිත හා සහයෝගය නිරන්ත‍රයෙන්ම ශ්‍රී ලංකාවට හිමිවන බවත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවේදී ප්‍රකාශ කළේය. එහිදී සිරිසේන මහතා පිළිගැනීමට ලැබීම වරප්‍රසාදයක් සේ සලකන අතර ඔහු සිය ප්‍රථම විදේශ සංචාරය ලෙස ඉන්දියාව තෝරාගැන්ම ගෞරවයක් ලෙස සලකන බවත් මෝදි කියා සිටියේය.

අප දෙ‍රටේම දෛවය එකිනෙක හා බැඳී පවතිනවා. අපේ ආරක්ෂක තත්ත්වය හා සමෘද්ධිය කිසිසේත් බෙදිය නොහැක්කක්. දෙරටේම ද්විපාර්ශ්වික සබඳතා මෙන්ම අන්තර්ජාතික ප්‍රශ්න සම්බන්ධයෙන් අප සාකච්ඡා කළා. එහිදී න්‍යෂ්ටික සහයෝගිතාව මෙන්ම ධීවර ප්‍රශ්නය ගැනද අපේ අවධානය යොමුවුණා.

සම්ප්‍රදායික හා පුනර්ජනනීය බලශක්ති අංශය ගැනත් අප කතා බහ කළා. ධීවර ප්‍රශ්නය අපේ ප්‍රමුඛ මාතෘකාවක් වු අතර ඒ සඳහා මානුෂික ප්‍රවේශයක් ඇති අවශ්‍යතාව අපේ අවධානයට ලක්වුණා” යැයි ඉන්දීය අගමැතිවරයා පසුව පැවති පුවත් සාකච්ඡා‍ෙව්දී ප්‍රකාශ කළේය. මෙම අවස්ථාවට ඉන්දීය ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජි මහතා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයන් සහභාගි වී තිබිණ.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p