බස් ගාස්තු 1 වැනිදා සිට අඩු කරනවා

January 28, 2015

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව ලබන මස පළමුවැනිදා සිට බස් ගාස්තු සියයට 8ත් 10ත් අතර අගයකින් අඩු කරන බව අභ්‍යන්තර ප්‍රවාහන ඇමති රංජිත් මද්දුම බණ්ඩාර මහතා කියයි.

ඒ අනූව අවම ගාස්තුව රුපියල් 9 සිට රුපියල් 8 දක්වා අඩු කරන බව අද (27) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය.

ඩීසල් මිල රුපියල් 16කින් අඩු කිරීමත් සමග ජනතාවට සහන සැලසීම සඳහා මෙම පියවර ගන්නා බව හෙතෙම කියා සිටියේය.

බස් සංගම් සමග පැවැති සාකච්ඡාවලදී අවස්ථා 305ක් යටතේ ගාස්තු සංශෝධනය කිරීමට එම සංගම් එකඟතාවය පළ කළ බව ඇමතිවරයා පැවසීය.

ඒ අනූව රුපියල් 17 -20ත් පවතින බස් ගාස්තුව රුපියල් 2කින් අඩුවේ.

එසේම රුපියල් 24 බස් ගාස්තුව ද රුපියල් 2කින් අඩු වනු ඇත.

තවද දැනට රුපියල් 708ක් වන උපරිම බස් ගාස්තුව රුපියල් 651 දක්වා අඩු වන අතර එය රුපියල් 57ක අඩුවකි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p