මිස්ටර් බීන්ගේ සුපිරි රථය වෙන්දේසියේ

January 27, 2015

බි‍්‍රතාන්‍ය ජාතික සුප‍්‍රකට විකට නළුවෙකු වන රෝවන් ඇට්කින්සන්ගේ දම්පැහැති මැක්ලරන් F1 සුපිරි මෝටර් රථය අලෙවි කිරීමට අදහස් කර ඇත.

දැනට වසර 20කට පමණ පෙර ඇට්කින්සන් විසින් මිලදී ගෙන ඇති මෙම මෝටර් රථය ඉතා හොඳ තත්ත්වයෙන් පවතින අතර පැයට කිලෝ මීටර් 240ක පමණ වේගයෙන් ධාවනය කිරීමේ හැකියාව ඇත.

මෙම අගනා මැක්ලරන් රථය ඇට්කින්සන් රංගනයෙන් දායකත්වය දැක්වූ නිර්මාණ සාර්ථක කරගැනීමටද බෙහෙවින් ඉවහල් වී තිබේ.

ඔහු මෙම රථය සමඟ රඟපාමින් ලොව පුරා ලැබූ ඉමහත් ජනපි‍්‍රයත්වය හේතුවෙන්  එහි අගය දෙගුණ වී ඇති බව ඇට්කින්සන්  පවසයි.

මෙම සුපිරි මෝටර් රථයේ අගය ඇමරිකානු ඩොලර් මිලියන 15කට මේ වන විට තක්සේරු කර ඇත.

මිස්ටර් බීන් සහ තවත් එවැනි විකට නිර්මාණවල රඟපාමින් පේ‍්‍රක්ෂකාගාරය සිනහවෙන් පිරවූ ඇට්කින්සන් ලොව පුරා ජනපි‍්‍රයව සිටින්නේ මිස්ටර් බීන් නමිනි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p