කලගෙඩිහේන ළමා හා මාතෘ මධ්‍යස්ථානය ග්‍රාමීය රෝහලක් ලෙස සංවර්ධනය කරයි

March 4, 2024

රුපියල් මිලියන 50 ක් වැය කරමින් කලගෙඩිහේන ළමා හා මාතෘ මධ්‍යස්ථානය ග්‍රාමීය රෝහලක් ලෙස සංවර්ධනය කෙරුුුණි. එය විවෘත කිරීම අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරනලදි.

කලගෙඩිහේන මාතෘ හා ළමා මධ්‍යස්ථානය සදහා හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකයක් ද ඉදිකර ග්‍රාමීය රෝහලක් බවට සංවර්ධනය කර තිබේ.

ප්‍රදේශයේ ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීම මෙහි අරමුණයි.

මෙවැනි ව්‍යාපෘති අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මෙහිදී ප්‍රකාශ ක‌රයි.

t

o

p