ඛනිජතෙල් තොග ගබඩා පරියන්ත සමාගමේ දත්ත පද්ධතිය ආශ්‍රිතව විගණනයක්

January 16, 2024

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ තොග ගබඩා පර්යන්ත සමාගමේ ඉන්ධන ආනයනය සහ බෙදාහැරීම් ක්‍රියාවලිය සම්බන්ධයෙන් අක්‍රමිකතාවයන් සිදු වූවාද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දැනුම් දීමකට අනුව ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගම ටෙන්ඩර් කැඳවා KPMG ආයතනය මගින් වෝ වහාරික විගණනයක් ආරම්භ කරමින් මේ මොහොත දක්වා දත්ත පද්ධතිය ආශ්‍රිතව ඉතා බැරෑරුම් විගණනයක් සිදු කරමින් සිටින බව එහි අභ්‍යන්තර නිලධාරියකු වාර්තා කර සිටියි.

කෙසේ නමුත් එම නිලධාරියා අප වෙත ප්‍රකාශ කර සිටියේ මෙම වෝහාරික විගණනය සඳහා ලබාදී ඇති විෂය පථයේ ඉන්ධන බෙදා හැරීමට අදාලව දත්ත පද්ධතිය තුළ විගණනයක් සිදුකළද ඉන්ධන තොග ගබඩා කිරීම සම්බන්ධයෙන් විගණනයක් කිරීමට අවශ්‍ය කරුණු විෂය පථයට ඇතුළත් නොකර ඇති බැවින් අදාල විගණන සමාගමද විශාල ගැටලු රැසකට මුහුණ පෑමට සිදුව ඇති බවයි.

කෙසේ වෙතත් තවත් අභ්‍යන්තර ආරංචි මාර්ග මගින් දැනගැනීමට ලැබුණේ ඉකුත් සිකුරාදා දින දත්ත පද්ධති අංශයේ කළමනාකාරවරයා තෝරාගැනීමට අභ්‍යන්තරව ඇබෑර්තු නිවේදනය කර සම්මුඛ පරීක්ෂණය පවත්වන්නට යෙදුණු බවයි.ඔවුන් පෙන්වා දුන්නේ මිලියන හයකට වැඩි මුදලක් හෝ ආසන්න මුදලක් ආයතනය මගින් වියදම් කර පවත්වන ව්‍යවහාරික විගණනය සිදුවෙමින් පැවතින අවස්ථාවක දත්ත පද්ධති අංශයේ නිලධාරීන්ට උසස්වීම් පිරිනැමීමට සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම ඉතාම අදූරදර්ශී පරිපාලන තීන්දුවක් බවයි.

එසේම වර්තමානය තුළ ආයතනයේ මානව සම්පත් කළමනාකරණය දිගින් දිගටම පරිහානියට පත්වෙමින් පවතින බවද පවසා සිටියි. ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන් යුද හමුදා සේවයේ සිට තෙල් සංස්ථාවට සහ තෙල් ගබඩා සමාගමට පත්ව සිටින වර්තමාන කළමනාකාර අධ්‍යක්ෂකවරයාගේ පරිපාලනමය දැනුමේ මද භවය මෙවැනි ක්‍රියාවලියන් තුළින් පැහැදිලිව පෙන්නුම් කරන බවයි.

දැනට මාස කීපයකට ඉහතදී මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කළ අවස්ථාවේ බලශක්ති අමාත්‍යවරයා පවසා සිටියේ එම මන්ත්‍රීවරයා විසින් පවසා සිටි කිසිදු නිලධාරිනියකට උසස්වීම් පිරිනිමා නොමැති බවත් එය එසේ සිදුවීමට ඉඩම් නොතබන බවත්ය.කෙසේ වෙතත් එම පාර්ලිමේන්තු ප්‍රකාශයෙන් සති දෙකකට පසුව දත්ත පද්ධති අංශයට පාර්ලිමේන්තුව තුළ නම පවසා සිටි නිලධාරිනියට වැඩ බැලීමේ පත්වීමක් ලබාදීමට තොග ගබඩා පර්යන්ත සමාගමේ මානව සම්පත් කළමනාකරන අංශය කටයුතු කර ඇති බවයි.

එසේම දැනට සේවය හැරගොස් සිටින පරිගණක ඉංජිනේරු වරයෙකුට මාස දෙකක වැටුපක් ගිණුමට බැර කර ඇති බවත් එය එසේ වීමට කටයුතු කල නිලධාරීන්ට විනයානුකූලව කටයුතු කිරීම වෙනුවට කළමනාකාරීත්වය වැඩ බැලීමේ පත්වීමක් ඊට සෘජුවම සම්බන්ධ නිලධාරිනියකට ලබා දී ඇති බවත් එම තනතුර ස්ථිර කිරීමට වත්මන් කළමනාකාර අධ්‍යක්ෂවරයා ඇබැර්තු නිවේදන නිකුත් කර ඇති බව ද පවසා සිටියි.එසේම දැනට මාසයක් ඉක්මවා ගොස් ඇතත් රුපියල් ලක්ෂ 180ක් පමණ වන භාවිතයට හෝ නොගත් නැව් කඹයක් කොළඹ වරාය පරිශ්‍රයේදී කපා ඇති අතර එම පරීක්ෂණ කටයුතුද මන්දගාමීව සිදුවෙමින් පවතීන බවද තවත් එක් අභ්‍යන්තරික ප්‍රකාශකයෙකු පවසා සිටියි.

එසේම දත්ත පද්ධතිය සම්බන්ධයෙන් ව්‍යවහාරික විගණනයක් පැවතිය දී ඇමති කාංචන කිසිදු අවස්ථාවක ව්‍යවහාරික විගණනයන් සිදුවන අවස්ථාවේ උසස් වීම් පිරිනැමීමට කටයුතු නොකරන බව පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කර සිටියද ඇමැති කාංචනගේ වචන තුට්ටුවකට හෝ මායිම් නොකර වර්තමාන කළමනාකාර අධ්‍යක්ෂවරයා මෙසේ උසස්වීම් ලබාදීමට කටයුතු කරමින් සිටීම කෙසේ සිදුවන්නේ ද යන්න එම සේවකයන් අපෙන් ප්‍රශ්න කර සිටියි. 2020 වසරේ සිට මේ දක්වා කාලය තුළ ආයතනයේ පෙට්‍රල් ගබඩා කර ඇති කලාප අංක කීපයකම තඹ කම්බි වයර් කපාගෙන යාමට සොරුන් ඇතුළු වු අවස්ථා ගණනාවක් පිළිබඳව ආරක්ෂක අංශයේ පැමිිනිලි වාර්තා තැබුවද එ අතර කොළඹ අපරාධ කොට්ඨාශය මගින්ද මේ පිළිබඳව පරීක්ෂණ සිදුකළ බව අප වෙත දැනගන්නට ලැබුණි. ගබඩා පරියන්තයේ ආරක්ෂක අංශය වෙත අරාක්ෂක කලමනාකාරගේ සමීපතමයෙකුට විධායක ශ්‍රේණියේ වැඩ බැලීමට පත්වීමක් ලබා දී ඇති අතර එම සේවක මහතාට හරි හැටි පැමිණිල්ලක් හෝ ගලපා සටහන් තැබීමට නොහැකි බවත් ඊට වඩා උසස් අධ්‍යාපනයක් ලබා ඇති ආරක්ෂක අංශයේ නිලධාරීන් විශාල පිරිසක් සිටින මෙම ආයතනයේ එම සේවක පිරිස කනගාටුවට සහ රැකියා තෘප්තියක් නොමැති බවින් පෙළෙන බවද අප වෙත වාර්තා වී ඇත.

තවත් ආයතනයේ ඉහළ නිලධාරියෙකු අප සමග පවසා සිටියේ තොග ගබඩා පර්යන්ත සමාගමට 2021 වසරේ සිට පිරිස් බල සැකැස්මක් සහ නිවැරදි බඳවා ගැනීමේ කාර්ය පටිපාටියක් නොමැති වීම තුළින් මානව සම්පත් කළමනාකරණ කාර්යාංශය අනීතික උසස් වීම් පිරිනැමීමේ සහ වැඩ බැලීමේ පත්වීම් ලිපි නිකුත් කිරීමේ ක්‍රියාවලියක යෙදෙන බවයි .කෙසේ වෙතත් වර්තමාන කළමනාකාර අධ්‍යක්ෂකවරයාගේ ක්‍රියා කලාපය ගත් කල යුද හමුදා සේවයෙන් විශ්‍රාම ගොස් මෙවැනි ආයතන වල පරිපාලනයට පැමිණ දිගින් දිගටම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ තොග ගබඩා පර්යන්ත සමාගමේ වර්තමාන කළමනාකාරීත්වයේ විශාල පසුබෑමක් පවතින බව දිනෙන් දින අප වෙත වාර්තා වන පුවත් මගින් පැහැදිලි වන බවද පෙන්වාදිය හැක. වර්තමාන බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ අවධානය යොමු කරන මෙන් මෙම පුවත පළ කරමින් ඉල්ලා සිටිමි.

t

o

p