ශ‍්‍රීලනිපය ශක්තිමත් කෙරේ.. මෛත‍්‍රී-මහින්ද-චන්ද්‍රිකා එක වේදිකාවකට…

January 18, 2015

වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතාත් චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියත් එකම වේදිකාවට ගෙන ඒම සදහා මේ වන විට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේ්‍යෂ්ඨයන් පිරිසක් විශේෂ මෙහෙයුමක් ආරම්ඛ කර ඇත.

පසුගිය කාලයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිදුවූ මතභෝදාත්මක කරුණු කාරණා පිළිබදව සිදුකළ අඩපණවීමකින් පසුව පක්ෂයේ ජේ්‍යෂ්ඨයන් විසින් මෙම තීරණය ගෙන ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.

අනාගතයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මැතිවරණයකට මුහුණදීමට යෑමේදී පක්ෂයේ ඉහළ පෙළ භේදභින්න වී පක්ෂය සීසීකඩ කැඞී යෑමේ අවදානමක් ඇති වී ඇති බැවින් නිදහස් පක්ෂයේ ප‍්‍රධානතම පුරුක් තුනක් වන වර්තමාන ජනාධිපතිවරයාත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය එකම වේදිකාවකට නැංවීමට මෙලෙස සැලසුම් ක‍්‍රියාත්මක කර ඇත.

පසුගිය දින කීපයේදී ශ‍්‍රී ලංක නිදහස් පක්ෂයේ සභාපති ධූරය සම්බන්ධයෙන් ද ගැටලූ කීපයක් මතුවූ අතර එම නිසා පක්ෂය කැඞී බිදී යාමේ සලකුණු පෙනෙන්නට තිබූ බව ඔවුන්ගේ අදහසයි.

මේ තත්ත්වය හමුවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පවතින පසුබෑමෙන් මුදා ගෙන නගා සිටුවීම සදහා ඉහත පුදගලයන් තිදෙනා එකම වේදිකාවක හමුවිය යුතු බවට නිදහස් පක්ෂ පසු පෙළ රැස්වීම්වලදී ද ග‍්‍රාමීය මට්ටමේ ජේ්‍යෂ්ඨයන් සදහන් කර තිබේ.

– මවුබිම

Sammy

Previous story Next story

Leave a comment

t

o

p