අස්සන් තිබ්බට මහ ඇමැතිකම ගන්න බෑ

January 16, 2015

වර්තමානයේ ජනාධිපති ධුරයට පත්ව සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් වශයෙන් කටයුතු කරන මෛත්‍රිපාල සිරිසේන මහතායි. එතුමාට පක්ෂයේ සභාපති ධුරය ලබා දීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා එකඟ වෙලා තියෙනවා. ඒ අනුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පූර්ණ සහයෝගය ලබාදීම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් වන අප සැමගේ යුතුකම හා වගකීම වෙනවා යැයි මධ්‍යම පළාත් සභා ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පැවැසීය.
පල්ලෙකැලේ මධ්‍යම පළාත් සභා පරිශ්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී ඉහත අදහස් පළ කළ ප්‍රධාන අමාත්‍යවරයා තවදුරටත් පවසා සිටියේ එබැවින් වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට තම පූර්ණ සහයෝගය හා ශක්තිය ලබා දෙන බවය.
දිවුරුම් පෙත්සම් ඉදිරිපත් කොට මධ්‍යම පළාත් සභාවේ බලය පෙරළීමේ ක්‍රියා පද්ධතියක් ක්‍රියාත්මකව තිබෙන බව අපට දැනගැනීමට ලැබී තිබෙනවා. දිවුරුම් පෙත්සම් ඉදිරිපත් කොට බලය පෙරළීම නීත්‍යනුකූලද නැද්ද යන්න එක ඉදිරියේදී අධිකරණය තීන්දු කරාවි කියා අප හිතනවා.
බහුතරය අස්සන් කොට දුන්නට එහෙම තනි තීන්දු තීරණ ගැනීමේ හැකියාවක් ආණ්ඩුකාරවරයාට නැහැ. කොළ අස්සන් කර දුන් පමණින් බලය පෙරළීමේ හැකියාවක් කිසිවකුට නැහැ. ඒ සඳහා නීතිපතිගෙන් විමසා තීන්දු ගත යුතුයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p