ජනපති රුව රැගත් බැනර් සහ පෝස්ටර් ඉවත් කිරීමට පියවර

January 16, 2015

මේ වනවිට රට පුරා ප්‍රදර්ශනය කර ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ඡායාරූප ඇතුළත් පුවරු සහ බැනර් සියල්ල ඉවත්කරන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
එමෙන් ම එම බැනර් සහ ඡායාරූප සහිත පෝස්ටර් ඉවත් කරගත යුත්තේ ඒවා ප්‍රදර්ශනය කළ පුද්ගලයන් විසින් ම වේ.
ඉදිරියේ දී තම රුව සහිත පුවරු ප්‍රදර්ශනය නොකරන ලෙස ද ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති ලේකම් කාර්යාලය සඳහන් කරයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p