මහින්ද පරදිනබව දැනසිටියා බයට කිව්වෙ නෑ – සුමනදාස

January 14, 2015

ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා නියත වශයෙන්ම ජය ගන්නා බවට ජෝතිෂ්‍යෙව්දී සුමනදාස අබේගුණවර්ධන මහතා විසින් පසුගිය කාලයේ අනාවැකි පළකරන ලදී. ඒ අනුව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීම, ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය, ජනාධිපතිවරණය දා හිටපු ජනපති විසින් ඡන්දය දැමිය යුතු වෙලාව ආදිය සියල්ල සකස් කරනු ලැබුවේ සුමනදාස අබේගුණවර්ධන මහතා විසිනි.

හිටපු ජනපතිවරයාට තව වසර දෙකක ධූර කාලයක් ඉතිරිව තිබියදීත් හදිසි ජනපතිවරණයක් කැඳවුයේ ජෝතිෂ්‍යවේදී සුමනදාස අබේගුණවර්ධන මහතාගේ බලපෑම මත බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය කාලයේ චෝදනා කොට තිබුණි. නමුත් රාජකීය දෙවඥයාගේ අනාවැකි, සුබ නැකත් සියල්ල පුස්සක් කරමින් මෛත්‍රිපාල සිරිසේන මහතා ජනපති ධූරයට පත්විය. ජනපතිවරණයෙන් පසුව මාධ්‍යට මුහුණ නොදුන් සුමනදාස අබේගුණවර්ධන මහතා පළමු වතාවට ඔහුගේ වැරදුනු අනාවැකිය සම්බන්ධව විදෙස් මාධ්‍ය වෙත හෙළිදරව්වක් සිදුකොට තිබේ.

විදෙස් මාධ්‍ය වලට අනුව සුමනදාස අබේගුණවර්ධන මහතා මේවනවිට 63 වන වියේ පසුවන අතර ඉන් වසර 32 ක් ම ඔහු විසින් හිටපු ජනපතිවරයාට ජෝතිෂ්‍ය උපදෙස් ලබාදී තිබේ. සුමනදාස අබේගුණවර්ධන මහතා මේ වනවිට ගාල්ලේ සිය නිවසේ නතරව සිටින අතර මිනිසුන්ට මුහුණ දීමෙන්ද වැලකි සිටින බව වාර්තා වේ. විදෙස් මාධ්‍ය හමුවේද ඔහු පවසා ඇත්තේ මාධ්‍ය වෙත කතා කිරීම ඔහු විසින් නවතා ඇති බවත් මාධ්‍ය ඔහුව කරදරයකට ඇද නොදමනු ඇතයි විශ්වාස කරන බවත් යනුවෙනි.

හිටපු ජනපතිවරයා ධූරයෙන් නික්ම යාමත් සමග සුමනදාස අබේගුණවර්ධන තමා වෙත ලබාදුන් බංගලාවක්, මොටර් රථය හා රියදුරා භාරදී ඇති අතර ස්වාධීන රූපවාහිනි සේවයේ උපදේශක සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ යන තනතුරු වලින්ද ඉල්ලා අස්වී තිබේ.

ජනාධිපතිවරණයේ ප්‍රතිපල එකින් එක නිකුත් වෙද්දී පරාජය පිලිබඳ ඉව වැටෙද්දී සුමනදාස අබේගුනවර්ධන විසින් හිටපු ජනපති වරයා සැනසීමටද උත්සාහ දරා තිබේ.

බලගතු කේන්දරයක් 

මේවනවිට ගාල්ලේ සිය නිවසේ කල් ගත කරන සුමනදාස අබේගුණවර්ධන පවසන්නේ හිටපු ජනපතිවරයා ජනපතිවරණයෙන් පරදින බව තමා සක්සුදක් සේ දැන සිටි බවය. නමුත් තමාට එය කීමට තරම් ෛධර්යක් නොතිබූ බවද ඔහු හෙළිකොට තිබේ.

“මම ඔහුට කිව්වේ නැත්නම් ඔහු දිනන්නේ නැහැ කියලා…ඔහු මානසිකව ඇද වැටෙන්න තිබ්බා…ඔහුගේ පරාජය මෙයටත් වඩා අන්ත එකක් වෙන්න තිබ්බා..මොකද මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කේන්දරය මහින්ද රාජපක්ෂගේ කෙන්දරයටත් වඩා බලගතු එකක්…”

කේන්ද්‍රය බලගතු වුවත් මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපති ධූරය මෙතරම් ඉක්මනට දමා යාමට සිදුවේවි යැයි තමා නොසිතු බවද සුමනදාස මහතා විසින් හෙළිකොට තිබේ.

වැරදිමේ ප්‍රතිශතය 

සිය වැරදුනු අනාවැකිය පිලිබඳ විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සුමනදාස මහතා ප්‍රකාශ කොට ඇත්තේ අනාවැකි වලට 5% වරදීමේ ප්‍රතිශතයක් ලබාදිය යුතු බවයි.

“ජනාධිපතිවරණය හැමෝටම දිනන්න බැහැ..එහෙම නැත්නම් මටත් රුපියල් 75,000 ක් දීල ජනාධිපති අපේක්ෂකයෙක් වෙලා දිනන්න පුළුවන්නේ..ඔබලා අපිට අඩු ගානේ 5% වත් වැරදීමේ ප්‍රතිශතයක් දෙන්න ඕන…”

මහින්දට ශාපයක් වූ පොදු රද මඩුළු මුල් පුටුව 

මහින්ද රාජපක්ෂ මහතාහට නරක කාලයක් උදාවුයේ පොදුරාජ්‍ය මණ්ඩලයීය සභාපති ධූරය ලැබීමත් සමග බව සුමනදාස මහතා විසින් හෙළිකොට තිබේ. තමා විසින් එම සභාපති ධූරය ලබා නොගන්නා ලෙසද හිටපු ජනපතිවරයාගෙන් ඉල්ලා සිටි බවත් එම පුටුවට පත්වූ මෑත කාලයේ කිසිවෙකුටත් යහපතක් සිදු නොවූ බවද සුමනදාස මහතා විසින් මාධ්‍ය හමුවේ පවසා තිබේ. එහිදී ඔහු උදාහරණ ලෙස පෙන්වා දී ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාට පෙර එම ධූරය හෙබවූ ජූලියා ගිලාර්ඩ් හට සිදුවූ ඉරණම වේ.

සුමනදාස අබේගුණවර්ධන මහතා මහින්ද රාජපක්ෂ මහතාගේ දෛවඥයා වීම රාජපක්ෂ මහතාගේ වාසනාවකි. මන්ද වැරදීමකින් හෝ මෙවැන්නෙක් තම වෛද්‍යවරායා ලෙස පත්කර ගත්තේනම් ඊට වන්දි ගෙවන්නට වන්නේ තනතුරින් නොව ජීවිතයෙන් වන නිසාය.

sumanadasa

neth

Sammy

Previous story Next story

Leave a comment

t

o

p