බණ්ඩාරනායක ජන්ම දින සැමරුම අද

January 8, 2015

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ හිටපු අග‍්‍රාමාත්‍ය දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමාගේ 116 වන ජන්ම දින සමරුව අද (08)ට යෙදී ඇත.
බණ්ඩාරනායක මහතාගේ ජන්ම දින සැමරුම ගාලු මුවදොර පිහිටි ඒ මහතාගේ පිළිරුව අභියස දී පැවැත්වීමට නියමිතය.
එස්‌.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්‌ඩාරනායක ශ්‍රීමතාණන් උපත ලැබුවේ 1899 දී හොරගොල්ල වලව්වේය.
පළමුව 1927 දී කොළඹ නගර සභා මැතිවරණයට ඉදිරිපත් වෙමින් දේශපාලනයට පිවිසි බණ්‌ඩාරනායක මැතිතුමා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් ව 1952.09.02 වැනි දින ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ආරම්භ කරන ලදී.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p