මෛත්‍රී සමග ගිවිසුම් ගෑහුවේ නෑ

January 2, 2015

කුමාර් ගුණරත්නම්ලා රටෙන් ගිය ආකාරයත් යළි රටට පැමිණෙන ආකාරයත් දකිද්දී ඔහු ඉටුකරමින් ඉන්නේ ආණ්‌ඩුවේ අවශ්‍යතාව බව පැහැදිලි වන බව ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා ඊයේ (01 දා) ප්‍රකාශ කළේය.

බංකොලොත් වූ ආණ්‌ඩුව මේ දවස්‌වල එක එක ජාතියේ නළුවන් ආනයනය කරනවා. එක වෙලාවක සලමන් ඛාන්, තව වෙලාවක ජැක්‌ලින්, තවත් වෙලාවක ගුණරත්නම් වැනි නළුවන් ආනයනය කරනවා.

ජනතා විමුක්‌ති පෙරමුණ කිසිම දවසක කිසිම කෙනකු සමග රහස්‌ ගිවිසුම් අත්සන් කරලා නෑ. අපිට මෛත්‍රීපාල සිරිසේන මහතා සමග ගිවිසුම් ගහන්න වුවමනාවකුත් නෑ. ගිවිසුම් ගහනවා නම් එළිපිට එය කරන බව විජිත හේරත් මහතා පවසයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p