ලංකා විදුලිබල මණ්ඩලයට රු. ලක්ෂ 235ක වැටලීම් ආදායමක්

December 31, 2014

ලංකා විදුලිබල මණ්ඩලයේ හදිසි වැටලීම් අංශ නිලධාරීන් විසින් මේ වසරේ නොවැම්බර් මස දීපව්‍යාප්තව සිදුකරන ලද වැටලීම් තුළින් රු. ලක්ෂ 235ක වැටලීම් ආදායමක් ලබා ඇත.

ඒ අනුව මීටර් වෙනස් කිරීම්, කොකු භාවිතාකර විදුලිය ලබාගැනීම් වැනි අයථා විදුලි පරිහරණයන් පිළිබඳ  සිද්ධීන් 317ක් වාර්තා වී ඇති අතර ඒ අතරින් සිද්ධීන් 347ක් වංචා සහගත ලෙස මීටර් සැකසීම තුළින් විදුලිය ලබාගැනීම් වේ.

මෙසේ නීතිය ඉදිරියේ වැරදිකරුවන් බවට පත්වන්නන්ට පමුණුවනු ලබන මූල්‍යමය සහ අනෙකුත් දඬුවම්වලට අමතරව ඔවුන්ගේ විදුලි සබඳතා නැවත ලබාගත නොහැකි අයුරින් විසන්ධි කිරීමට ද ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගනු ඇත.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p