ඡන්දදායකයාට වෙලා තියනදේ………..

December 25, 2014

මෙවර මැතිවරණයේ දී ඡන්දදායකයා වැටී ඇත්තේ සිංහයා සහ වෘකයාට රජකම දුන් බැටළුවන්ගේ තත්ත්වයට යැයි වමේ පොදු අපේක්ෂක දුමින්ද නාගමුව  පවසයි.ඔහු මෙසේ පැවසුවේ දෙසැම්බර් 24 වන දා පන්නිපිටියේ දී පැවති ජන හමුවක දී ය.
එහි දී ඔහු වැඩිදුරටත් මෙසේ පැවසීය.
             “ජන කතාවක තියනවා,කැලේ රජා තෝරගන්න සත්තු අතර තිබුණ ඡන්ද විමසීමක් ගැන.කැලේ රජා වෙන්න ඉදිරිපත් වුණේ සිංහයයි වෘකයයි.සිංහයා කිව්වා මේ බලන්න මගේ කේසරවල ලස්සන…බලන්න ඇගේ රත්තරන් පාට මං වගේ රජෙක් හිටියොත් ඕගොල්ලන්ට ආඩම්බර වෙන්න පුළුවන් කියලා.වෘකයා කිව්වා මට තියෙන්නේ ප්‍රබල කටහඩක් හතුරෙක් ආවොත් කැ අගහලා හරි ඔබව බේරගන්න මට පුළුවන් කියලා.මේ දෙන්නාගෙන් කෙනෙකුට ඡන්දෙ දෙන්න ඡන්දදායකයො විදිහට හිටියේ හාවෝ මුවෝ බැටළුවෝ වගේ අය.ඇත්තම ප්‍රශ්නෙ තිබුණෙ සිංහයාගේ ලස්සනවත් වෘකයාගේ කටහඩ ගැනවත් නෙමෙයි.ප්‍රශ්නේ මේ දෙන්නම අනෙක් සත්තු මරාගෙන කන අය වුණ එක.අන්තිමේ දි සත්තු කවුරු රජ වුණත් තමන් රජාට ගොදුරු වෙන ඉරණමකට වැටිලා හිටියා.
           මේ ජනාධිපතිවරණෙත් ඒ වගේ.මහින්ද අධිරාජ්‍ය විරෝධයක් ගැන කියනවා,මෛත්‍රී ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන කියනවා.නමුත් දෙන්නම ඉදිරියට ගෙනියන්නේ අධ්‍යාපනය,සෞඛ්‍ය වගේ සමාජ ආරක්ෂණ සේවා වෙළෙන්ඳ භාණ්ඩ කරන ඒ සියලු බර ජනතාව මත පටවන ස්වාභාවික පරිසරය-මිනිස් ශරීරය පවා මිළ කරන-විකුණන කොල්ලකාරී ආර්තික ප්‍රතිපත්තියක්.ඒ බව දෙන්නාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන මගින් ම පේනවා.මේ වඩපිළිවෙල අධිරාජ්‍යවාදීන්ගේ වඩපිළිවෙලමයි.මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න නම් ප්‍රජාතන්ත්‍රවාදය නැති කරන්න වෙනවා.ඒ හින්දා ජනාධිපතිවරණ වේදිකාවේ දී ලස්සන වචන හුවමාරු වුණාට දෙන්නම මරාගෙන කන්න හදන්නේ ජනතාව.හාවෝ,මුවෝ,බැටළුවෝ වගේ ඉන්න ජනතාව වෘකයන්ගේ සිංහයන්ගේ දේශපාලනය වෙනුවට තමන්ගේ පන්තියේ දේශපාලනය තෝරගන්නකන් ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ කාගේ ගොදුරක් වෙනවද කියලා තෝරගන්න තියන නිදහස විතරයි.වමේ විකල්පයක් ඕන වෙන්නේ වමේ බලයක් ඕන වෙන්නේ ඒ තත්වය වෙනස් කරන්න”

Sammy

Previous story Next story

Leave a comment

t

o

p