දුමින්දගේ ආධාරකරුවන්ට පහරදෙයි

December 19, 2014

ජනාධිපතිවරණයට වමේ පොදු අපේක්ෂකයා වශයෙන් තරග කරන දුමින්ද නාගමුවගේ ජනහමුවක් වෙනුවෙන් ප්‍රචාරක කටයුතුවල යෙදී සිටි දෙනෙකුට පොලුවලින් පහර දී බරපතළ තුවාල සිදු කර තිබේ.

මෙම පහරදීම සිදු කර ඇත්තේ මෛත්‍රීපාල සිරිසේනගේ ජනාධිපතිවරණ ප්‍රචාරක රථයකින් පැමිණි ඔහුගේ ආධාරකරුවන් බවට සැක කෙරෙන පිරිසකි.

අද (19) දින වැල්ලම්පිටියේදී පැවැත්වෙන ජනහමුව පිළිබද ප්‍රදේශවාසීන් දැනුවත් කිරිමට පෝස්ටර් අලවමින් සිටි පිරිසකට පාන්දර 5.00ට පමණ කළ මෙම පහරදීමේදී දෙදෙනකු බරපතල ලෙස තුවාල ලබා රෝහල් ගතකර තිබේ.

ප්‍රහාරකයන් පැමිණ ඇත්තේ ‘මෛත්‍රී පාලනයක්‘ යනුවෙන් ස්ටිකර් අලවා ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු කරන වෑන් රථයකින් බව ප්‍රහාරයට ලක් වූවෝ කියති. වැල්ලම්පිටිය පොලිසියට මේ පහරදීමේ සිදුවිම පිලිබද පැමිනිල්ලක් ද කර තිබේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p