තවමත් ලංකාවේ අගවිනිසුරු මමයි – ශිරාණි

December 18, 2014

තමා තවමත් ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූල අග්‍රවිනිශ්චයකාරවරිය බැවින් දේශපාලනයට පිවිසීමේ අදහසක් නොමැති බව ධුරයෙන් පහ කළ හිටපු අග්‍රවිනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායක ප්‍රකාශ කළාය.

නඩු විභාගයක් සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ සිටි අවස්ථාවේ දී මාධ්‍යවේදීන් මතු කළ පැනයකට පිළිතුරු දෙමින ඇය මේ බව කියා සිටියාය.

“තවමත් මේ රටේ නිත්‍යානුකූල අගවිනිසුරුවරිය මමයි. ඒ බව ජාත්‍යන්තර පරීක්ෂණ වාර්තා තුනක් මගින් තහවුරු කර තිබෙනවා. ඉතිං දේශපාලනයට එම සුදුසු නොවන බවයි මාගේ විශ්වාසය” යනුවෙන් ඇය සඳහන් කළාය.

දෝෂාභියෝග යෝජනාවක් මගින් නෙරපා හැරීමෙන් පසුව තමන්ට සිදුවී ඇති අසාධාරණයන් පිළිබඳ ව ඇය ප්‍රථම වතාවට මාධ්‍යවලට අදහස් පළ කළේ මේ ආකාරයටයි.

“ඔබලා දන්නවා දැන් වසර දෙකක් තිස්සේ මාව නිවසට ම සිර කරලා තියෙන්නේ. විශ්‍රාම වැටුපක් නැහැ, පාරිතෝෂිකයක් නැහැ. අල්ලස් කොමිසම නඩු පැවරීමටත් පෙර මාගේ විදේශ ගමන් තහනම් කළා. මා හිතනවා මට යුක්තිය ඉටුවේවි කියා.” ඇය සඳහන් කළාය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p