රඹුක්කන ගැටුම: අයෙක් මරුට: 27ක් රෝහලට

April 19, 2022

රඹුක්කන නගරයේ සිදුවූ උණුසුම්කාරී තත්ත්වය අතර තුර එක් අයකු මියගොස් 27 දෙනකු තුවාල ලබා කෑගල්ල සහ රඹුක්කන රෝහල්වල ප්‍රතිකාර ලබන බව වාර්තා වෙයි.

රඹුක්කන නගරයේ දුම්රිය මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරත ජනතාව විසුරුවීම සඳහා පොලිසිය වෙඩි ප්‍රහාරයක් එල්ල කල බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කරයි.

ඉන්ධන ගැටළුවට විසැඳම් ඉල්ලා අද අලුයම 1.30 සිට මෙම පිරිස රඹුක්කන නගරයෙන් මහනුවර – කොළඹ දුම්රිය මාර්ගය වසා සිය විරෝධය නිරතවූ අතර තවත් පිරිසක් රඹුක්කන – කෑගල්ල,කුරුණෑගල සහ මාවනැල්ල මාර්ගය වසා සිය විරෝධය එලල් කරන ලදි.

මේ හේතුවෙන් අද අලුයම සිට දුම්රිය ධාවනයට දැඩි බාධා එල්ල වූ අතර දුම්රිය රැසක් අවලංගු කිරීමට දුම්රිය බලධාරීහු කටයුතු කළහ.

t

o

p