තවත් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 238640 කට ජනවාරි සිට රු.2000 මාසික දීමනාව – රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී පුනාන්දුපුල්ලේ

August 4, 2021

පොරොත්තු ලේඛනයේ සිටින ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 238640 කට ලබන වසරේ ජනවාරි මාසයේ සිට රු.2000 සේ මාසික දීමනාව ලබා දීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී පුනාන්දුපුල්ලේ මහත්මිය පාර්ලිමේන්තුවේදී අද (04) පැවසුවාය.

පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරිය පැවසුවේ ඉදිරි අය වැය මඟින් ඊට අදාළ ප්‍රතිපාදන වෙන් කෙරෙන බවයි.

මේ වන විට රු.2000 සේ මාසික දීමනාව ලබන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සංඛ්‍යාව 416667 ක් බවද ඇය සඳහන් කළාය.

ලබා දෙන දීමනාවෙන් රුපියල් 100 ක මුදලක් රඳවා තබා ගන්නේ එමඟින් වැඩිහිටි නිවාසවල අඩු පාඩු සම්පූර්ණ කිරීමට බව අමාත්‍යවරියගේ ආරාධනයෙන් මෙහිදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය එස්.බී දිසානායක මහතා කීවේය. වැඩිහිටි ජාතික සංවිධාන එකමුතුවේ එල්ලීම මත එම මුදල රඳවා තබා ගැනීමට එවකට තීරණය කළ බවද හෙතෙම පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

t

o

p