කොවිඩ් 19 වසංගත තත්ත්වය ගැන සෑම පාර්ලිමේන්තු සතියකම අඟහරුවාදා සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් විශේෂ ප්‍රකාශයක්

August 3, 2021

රටේ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය පිළිබඳව සෑම පාර්ලිමේන්තු සතියකම අඟහරුවාදා දින පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරන ලෙස හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගෙන් පාර්ලිමේන්තුවේදී අද (03)ඉල්ලීමක් කළේය.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊට එකඟතාව පළ කළාය.

මෙම ක්‍රමය දැනට එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුව තුල ක්‍රියාත්මක බව පෙන්වා දුන් රනිල් වික්‍රමසිංහ මහතා, එය ක්‍රියාත්මක කිරීම තුළින් වඩාත් නිවැරදි තොරතුරු සමාජගත කළ හැකි බවද පැවසීය.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාද මෙම යෝජනාවට එකඟතාව පළ කළේය .

t

o

p