ආණ්ඩුව ඉස්සෙල්ලාම කතා කළේ මටයි

November 12, 2014

ආණ්ඩුව පළමුව සල්ලිවලට ගැනීමට උත්සාහ කළේ තමා බවත්, තමන්ට රුපියල් ලක්ෂ 500ක් දෙන්නම් යැයි පැවසූ බවත්, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නලීන් ප්‍රදීප් උඩුවෙල මහතා පවසයි.

එසේම කැනඩාව, ඔස්ට්‍රේලියාව හා නෙදර්ලන්තය යන රටක සිය පවුලටම පුරවැසිභාවය ලබාදෙන බවත්, අවශ්‍ය නම් හෝමාගම සම සංවිධායක ධූරය ලබාදිය හැකි බවත්, පැවසුවේ යැයිද හෙතෙම අනාවරණය කරයි.

ඔහු මේ බව කියා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීන් තිදෙනෙකු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සහය පළ කිරීම සඳහා එක්වීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා කොළඹදී ඊයේ (11) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකදීය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p