කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයින්ගේ ගණන 28 දක්වා ඉහළට

March 17, 2020

කොරෝනා වයිරසය ආසාදිත තවත් ශ්‍රී ලාංකික  පුද්ගලයින් හය දෙනෙකු පිළිබඳව තහවුරු කරගෙන ඇතැයි  සෞඛ්‍ය සේවා  අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියයි.

ආසාදිතයින් සියලුම දෙනා පිරිමි පුද්ගලයින් වන බව වෛද්‍යඅනිල් ජාසිංහ මහතා පැවසීය.

කොරෝනා වයිරසය (කොවිඩ්-19) ශරීරගත වී ඇත්දැයි සැක සහිත  පුද්ගලයින් 204 දෙනකු මේ වන විට  ශ්‍රී ලංකාව පුරා   රෝහල් 17 ක් වෛද්‍ය අධීක්ණය යටතේ සිටින බවට  සෞඛ්‍ය සහ දේශිය වෛද්‍ය සේවා අමාත්‍යංශයේ  වසංගත රෝග විද්‍යා අංශය කියයි.

t

o

p