නාමල් උයනේ ව්‍යාපෘති කාර්යාල සංකීර්ණය විවෘත කරමින්

October 15, 2018

ගල්කිරියාගම, උල්පතගම ජාතික නාමල් උයනේ ඉදිකළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ නාමල් උයන ව්‍යාපෘති කාර්යාල සංකීර්ණය විවෘත කිරීම සහ එම කාර්යාලයේ වෙබ් අඩවිය එළිදැක්වීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 13 වෙනි දින සිදු කෙරිණි.

මෙම අවස්ථාවට උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විජයදාස රාජපක්ෂ, සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය පී. හැරිසන්, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන චන්දිම ගමගේ, ඉෂාක් රහුමාන් යන මහත්ම මහත්මීන් ඇතුළු පුජ්‍ය වනවාසී රාහුල ස්වාමීන් වහන්සේද, ප්‍රාදේශීය සභා සහ පළාත් සභා නියෝජිතයන්, ආරාධිත අමුත්තන් රැසක් ද සහභාගි වී සිටියහ.

Namal-Uyana1
Namal-Uyana2
Namal-Uyana3

t

o

p