මහත්මා ගාන්ධිතුමා අවිහිංසාවාදයේ ප්‍රතිමූර්තියයි

October 14, 2018

මහත්මා ගාන්ධිතුමා අවිහිංසාවාදයේ ප්‍රතිමූර්තිය ලෙස සැළකිය හැකි බවත් අවිහිංසාවදී ව්‍යාපාරය හරහා ඉන්දියාවේ නිදහස් අරඟලයට මහත්මා ගාන්ධිතුමා පුරෝගාමීත්වය ලබාදුන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඉන්දියාවේ බිහි වූ අවිහිංසවාදයේ පියා ලෙස සැලකෙන මහත්මා ගාන්ධී මැතිතුමාගේ 150 වැනි ජන්ම දිනය  වෙනුවෙන් විශේෂ විවාදයක් අද (12) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී පැවැති අතර එම විවාදයේ දී අඳහස් දක්වමින්  අග්‍රාමාත්‍යවරයා මෙසේ සඳහන් කළේ ය.

අවිහිංසාවදී ව්‍යාපාරය හරහා ඉන්දියාවේ නිදහස් අරඟලයට පුරෝගාමීත්වය ලබාදෙමින් අප රට ද ඇතුළුව දකුණු ආසියාව ඇතුළුව මුළු ලොව පුරා පැවැති ව්‍යාපාරයට පුරෝගාමියෙකු වූ මහත්මා ගන්ධී මැතිතුමගේ 150 වැනි ජන්ම සංවත්සරය සැමරිය යුතු යැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා කර සිටිනවා.

එතුමා ඉන්දීය නිදහස් අරගලයට නායකත්වය දුන් පුද්ගලයා ලෙස සැලකුවත් ඔහුගේ බලපෑම ඉන්දියාව වටා රටවල් වලටත් බලපෑවා. ශ්‍රී ලංකාවත් එයට ඇතුළත්.එතුමාගේ දර්ශනය මුළු ලෝකය පුරා ක්‍රියාත්මක වී තිබෙනවා. අවිහිංසාවාදී ව්‍යාපර අද ලෝකය පුරා ව්‍යාප්තව පවතිනවා.

මහත්මා ගාන්ධිතුමා සළකන්නේ අවිහිංසාවාදී ප්‍රතිමූර්තිය ලෙසයි.එතුමා දේශනා කළේ අවිහිංසාවයි.එතුමා කියා සිටියේ”ඔබේ අරමුණු අවිහිංසාවාදයෙන් ලබාගන්නා ලෙසයි”. එතුමා ඉන්දියාවේ ස්වරාජ්‍යයට නායකත්වය ලබාදුන්නා. සෑම විටම ප්‍රචණ්ඩත්වයෙන් ඉවත්වන ලෙස එතුමා ඉල්ලා සිටියා.

මහත්මා ගාන්ධීතුමා සෑමවිටම අවිහිංසාවාදීව කටයුතු කළා. එතුමා වටා විශාල පිරිසක් ඒකරාශි වුණා. අවිහිංසාවාදී ක්‍රියාමර්ග මේ වෙනස්කම්වලට හේතු වුණා. එතුමා අවිහිංසාවදය ක්‍රියාත්මක කරමින් තම අරමුණ ඉටු කළා. එතුමා ඉන්දියානු ජනතාවට විශ්වාසයක් ලබාදුන්නා යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

 

t

o

p