ජනවරම ලැබුනේ යහපාලනයට වෙනත් ආණ්ඩු හදන් ඉඩක් නෑ

October 10, 2018

රටේ ජනවරම ඇත්තේ යහපාලන ආණ්ඩුවට බැවින් සභාග ආණ්ඩු හෝ වෙනත් ආණ්ඩු පිහිටුවීමට අවස්ථාවක් නැතැයි සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (9) ප්‍රකාශ කළේය.
එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කීවේය.

එස්. එම්. මරික්කාර් මහතා:
සභානායකතුමාගෙන් මම මේ ප්‍රශ්නය අහන්නේ. මොකද ජනාධිපතිතුමා හා අගමැතිතුමා රටේ නැති මේ දවස්වල මාධ්‍ය ප්‍රචාරය වන රජය මාරුවෙන්න යනවා/කණ්ඩායම් දෙකක් එකතු වෙන්න යනවා. මේ පළවන මාධ්‍ය වාර්තා පිළිබඳ ආණ්ඩුවේ මතය මොකක්ද?
සභානායක:
මම නම් විශ්වාස කරන්නේ නැහැ එහෙම දෙයක් වෙයි කියලා. මොකද මේ රටේ ජනවරම ලැබුණේ යහපාලන ආණ්ඩුවට. එහෙම නැතිනම් එක්සත් ජාතික පෙරමුණට. ප්‍රතික්ෂේප වුණ කණ්ඩායම් සමග ආණ්ඩු පිහිටුවන්න අපි සූදානම් නැහැ. ප්‍රතික්ෂේප වුණ කණ්ඩායම් සමග ආණ්ඩු පිහිටුවන්න ජනවරමකුත් නැහැ.

t

o

p