ආණ්ඩුව අලුත් ක්රටමයට ඡන්දය තියන්න ගෙනා පළාත් සභා සිමානිර්ණ වාර්තාව ආණ්ඩුවම පරාද කරයි.

August 24, 2018

පළාත් සභා මැතිවරණය කොට්ඨාශ ක්‍රමයට පැත්විම වෙනුවෙන් ඉදිරිපත් කළ පනත් කෙටුම්පතේ වගන්තියක් යටතේ ඉදිපත් කළ සිමානිර්ණය පනත් කෙටුම්පත පක්ෂව ඡන්ද කිසිවක් නොමැතිව ඡන්ද 139 කින් පරාජයට පත්විය.

පනතට විරුද්ධව එක්සත් ජාතික පක්ෂය, ශ්‍රිලංකා නිදහස් පක්ෂය, එ්කාබද්ධ විපක්ෂය, දෙමළ ජාතික සන්ධානය ඇතුළු සුළු පක්ෂ සියල්ලම විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය. ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය විමසන අවස්ථාවේ සභාවේ සිටියේ නැත. සිමානිර්ණ කමිටු වාර්තාව සම්මත නොමු බව කතානායක කරු ජයසූරිය මහතා ඒ අනුව නිවේදනය කරන ලදි. මේ සම්බන්ධයෙන් කතානායකවරයා නිවේදනයේ මෙසේද සදහන් වේ.

පලාත්  සභා මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ කමිටු වාර්තාව අද
(2018.08.24) දින විවාදයට ගනු ලැබූ අතර, ඒ සඳහා සභාවේ අනුමැතිය නොලද
හෙයින් ව්‍යවස්ථානුකූලව කථානායකවරයා විසින් පනතේ 4(12) වගන්තිය අනුව
පියවර ගනු ලැබිය යුතුය.  මේ කරුණ ගැන අද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක
සභා රැස්වීමේදීද දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ.

කථානායකවරයාගේ මතය වූයේ කිසිම හේතුවකින් පළාත් සභා මැතිවරණය කල් නොදැමිය
යුතු බවයි. පක්ෂ නායකයින්ට අමතරව කථානායකවරයා විසින් මැතිවරණ කොමිසම්
සභාපති හා සීමා නිර්ණ කොමිසම් සභාපතිවරුන් සමගද ඉක්මන් මැතිවරණයක් සඳහා
දීර්ඝ ලෙස අදහස් හුවමාරු  කර ගන්නා ලදී.

කථානායකවරයා විසින් අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  නම් කරන කමිටුව අදාල
නිර්දේශ ඔක්තෝබර් මැද වන විට ලබා දෙන්නේ නම්, 2019 ජනවාරි මස පළාත් සභා
මැතිවරණ පැවැත්වීම සඳහා පූර්ණ සහාය ලබා දෙන බවට අදාල පාර්ශව එකඟ  වී ඇත.

ඒ අනුව පක්ෂ නියෝජිතයින්ගේද එකඟත්වයෙන් පංච පුද්ගල කමිටුව කථානායකවරයා
විසින් ඉදිරි දින කීපය තුළ නම් කරනු ඇත. අග්‍රාමාත්‍යවරයාට අමතරව පත්
කරනු ලබන අනෙක් සාමාජිකයන් දේශපාලඥයන් නොවන අදාල ‍ ක්ෂේත්‍රය ගැන දැනුමක්
ඇති බුද්ධිමතුන් වනු ඇත.

නියමිත කාලයේදී ඉක්මන් මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ
පූර්ණ සහයෝගය ලැබෙනු ඇති බවටද කථානායකවරයා මෙහි දී අවධාරණය කලේය..

t

o

p