අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඛනිජ තෙල් නීතිගත සංථාවේ ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබේ.
අද පැවති කැබිනට් තීරණ දැනුම් දිමේ මාධ්‍ය හමුවට එක් වෙමින් සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව පැවසීය.
ඒ අනුව,
ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 137ක් වන අතර ඒ අනුව එම වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20 කින් ඉහළ යනු ඇත.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් නව මිල රුපියල් 148 ක් වන අතර එම වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් වැඩි කර තිබේ.
ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 109 ක් වන අතර ඒ අනුව එම වර්ගයේ ඩීසල් ලීටරයක මිල රුපියල් 14 කින් වැඩි කර තිබේ.
සුපර් ඩීසල් ලීටරයක නව මිල රුපියල් 119 ක් වන අතර ඒ අනුව සුපර් ඩීසල් ලීටරයක මිල වැඩි කර ඇත්තේ, රුපියල් 09කිනි.
භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 101ක් වන අතර ඒ අනුව භූමිතෙල් ලීටරයක මිල රුපියල් 57 කින් වැඩි කර තිබේ.
