කියුබාවේ වසර 60 ක කැස්ත්‍රෝ පාලනය අවසන් කරමින් වත්මන් ජනපති රාවුල් කැස්ත්‍රෝ සිය ධුරයෙන් විශ්‍රාම යාමට සූදානම් වන බව විදෙස් වාර්තාවල දැක්වේ.
ඒ පාර්ලිමේන්තු අනුමැතියෙන් කොමියුනිස්ට් පාක්ෂික එරට ප්‍රථම උප ජනපති වන මිගුයිල් ඩයාස් කැන්ල් ජනපති ධුරයට පත් කරමිනි.
ඒ අනුව වසර 60 ක් බලයේ රැඳී සිටි කැස්ත්‍රෝ සහෝදරයින්ට පසුව තරුණ කොමියුනිස්ට් පාක්ෂිකයෙකු කියුබානු ජනපති ධුරයට පත්වීම ඓතිහාසික සිදුවීමක් බව දේශපාලන විචාරකයෝ පවසති.
86 හැවිරිදි රවුල් කැස්ත්‍රෝ, සිය වැඩිමහල් සහෝදරයා වන ෆිදෙල් කැස්ත්‍රෝගෙන් පසු, වසර 10 ක් කියුබානු ජනපති ලෙස කටයුතු කළේය.
ඩයාස් කැනල් 20 වන වියේදී සිය දේශපාලන ගමන ඇරඹුවේ කියුබානු කොමියුනිස්ට් ලීගයේ තරුණ ක්‍රියාකරුවෙකු ලෙසයි.
ඉංන්ජිනේරු තාක්ෂණය පිළිබඳ කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කළ ඔහු වයස අවුරුදු 33 දී තරුණ ක්‍රියාකාරීන්ගේ කොමියුනිස්ට් ලීගයේ දෙවැනි ලේකම්වරයා බවට පත්වීමට සමත් විය.