සංගාගෙන් තවත් වාර්තාවක්

May 3, 2017

ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම පිතිකරුවකු වන කුමාර් සංගක්කාර පළමු කාණ්ඩයේ තරගවලදී ලකුණු 19,000 සීමාව පසු කිරීමට සමත්වී තිබේ.
මේ දිනවල එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේදී සරේ ප්‍රාන්තය නියෝජනය කරන සංගක්කාර පෙරේදා පැවැති ග්ලැමෝගන් ප්‍රාන්තයට එරෙහි තරගයේදී හතරේ පහර 11ක් සහිතව නොදැවී ලකුණු 81ක් ලබමින් තරගයේ වීරයා බවට පත්විය.
මෙම ඉනිමේදී සංගා ලකුණු 19,000 සීමාව පසු කළ අතර, එම දස්කම කළ පළමු ශ්‍රී ලාංකික පිතිකරුවා ලෙසද ලොව සිව්වැනි පිතිකරුවා ලෙසද වාර්තා ‍පොතට එක්වී තිබේ.
සංගාට ඉහළින් සචින් තෙන්ඩුල්කාර්, ග්‍රැහැම් හික් සහ ග්‍රැහැම් ගූච් ලකුණු 19,000 පසුකර තිබේ.

t

o

p