Local News

ෆයිසර්ගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මුළු සභාවේම විරෝධය

මන්ත්‍රීවරු ඇමතිවරුන්ගෙන් වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්න අසන ආකාරය සම්බන්ධයෙන් පළාත් පාලන හා පළාත් සභා ඇමති ෆයිසර් මුස්තාපා මහතා ඊයේ (04) පාර්ලිමේන්තුවේදි කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඇමතිවරයාට මුළු සභාවේම විරෝධය එල්ල විය. උඣීව පළාත් සභා මහ ඇමතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා ප්‍රශ්නය විමසා ඇති ආකාරය අපහාසාත්මක යැයි ඇමතිවරයා ප්‍රකාශ කළ අවස්ථාවේ එක්සත් Read More

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට තාජුඩින්ගේ මෘත දේහයේ කොටස් ආපු හැටි හොයයි

කොළඹඅධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේ තිබිය යුතු රගර් ක්‍රිඩක වසිම් තාජුඩින්ගේ මෘත දේහයේ කොටස් මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ (සයිටම්) තබා ගැනිම සම්බන්ධයෙන් වෛද්‍ය සභාව පරික්ෂණයක් ආරම්භ කර තිබෙන බව සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (04) ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව කළ පරික්ෂණයේ වාර්තාව ලද පසු සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අවශ්‍ය පියවර Read More

ආණ්ඩුවේ විකිනිල්ලට එරෙහිව ජවිපෙන් පුළුල් පෙරමුණක්

“මේක ආණ්ඩුවක් නෙවෙයි. ජනතාව විසින් ආණ්ඩුවක් පත්කර ගන්නේ රටේ සම්පත් භාවිත කරලා නිසි කළමනාකාරිත්වයක් සහිතව මෙම සම්පත් රටේ ජනතාවගේ දියුණුව වෙනුවෙන් උපයෝගී කර ගන්නයි. නමුත් මේ ආණ්ඩුව රටේ වැදගත්ම සම්පත් විකුණමින් බිලිදෙමින් තිබෙනවා. පක්‍ෂයක් ලෙසත් වෘත්තීය සමිති ව්‍යාපාරයක් ලෙසත් ආණ්ඩුවේ විකිණීමට බිලිදීමට එරෙහිව පාරේ සටනක් ආරම්භ කරනවා. තෙල් සංස්ථාව, හම්බන්තොට තෙල් ටැංකි,ත්‍රීකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය, Read More

නීති විරෝධීව මසුන් මැරූ 6ක් දැලේ

නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ශ්‍රී ලාංකික ධීවරයින් 06 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. තලෙයිමන්නාරම, මුහුදු ප්‍රදේශයේදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය. එහිදී ධීවර කටයුතු සඳහා යොදා ගත්  ඩිංගි යාත්‍රා 02ක් සහ තහනම් දැල් 10ක් නාවික හමුදාව භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් ධීවරයින් සහ උපකරණ වැඩිදුර විමර්ශන සඳහා මන්නාරම සහකාර Read More

නාමල්ට හදිසි අනතුරක්

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට හදිසි අනතුරක් සිදුව ඇති බව වාර්තා වෙනවා. ඒ මහතා රොහල් ගත කර ඇති බව යි පැවසෙන්නේ. ක්‍රීඩා කරන අතරතුර දී ඇදවැටීමෙන් මෙය සිදුව ඇති බව සඳහන් වෙනවා.  

විග්නේෂ්වරන් අස්විය යුතුයි

මෙරට තුළ ජාතිවාදය අවුස්සමින් ව්‍යවස්ථා විරෝධිව කටයුතු කරන උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සි.වී. විග්නේශ්වරන් මහතා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා ‘උතුර රකින – රට සුරකින ජාතික බලවේගය’ සංවිධානය අද (30) වව්නියාව නගරයේදී විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ. මෙම විරෝධතාවයට එක් වු උතුරු පළාතේ නැවත පදිංචි කළ සිංහල වැසියන් ප්‍රකාශ කළේ උතුරු පළාත තුළ නැවත ජාතිවාදි අදහස් Read More

මා නිවැරදියි

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ලබාගත් බවට චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට එරෙහිව පවරා ඇති නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද(30) විභාගයට ගෙන තිබේ. කෙසේවෙතත් අදාළ චෝදනාවලට තමන් නිවැරදිකරු බව විත්තිකාර ශෂී වීරවංශ මහත්මිය අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ. නඩු විභාගය නොවැම්බර් මස 25 වන දින Read More

ලෝක ළමා දිනයේ දරුවන්ට වනජිවි ඇමතිනියගෙන් තෑග්ගක්

හෙට (ඔක්තොම්බර් 01) දිනට යෙදෙන ලෝක ළමා දිනය වෙනුවෙන් දෙහිවල සත්වෝද්‍යානයට, පින්නවල සත්වෝද්‍යානයට,පින්නවල අලි අනාථාගාරය නැරඹීමට පැමිණෙන වයස අවුරුදු 12 න් පහළ සියළුම දරුවන් නොමිලේ ඇතුළු කිරීමට තීරණය කර තිබෙන බව තිරසර සංවර්ධන හා වනජීවී වැඩබලන අමාත්‍යසුමේධා ජී. ජයසේන මහත්මිය පවසයි ලෝක ළමා දිනය වෙනුවෙන් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව මගින් මෙම අවස්ථාව ලබාදී තිබෙන බවද සුමේධා Read More

ගෝඨාභය ඇතුළු අටකට ඇප

ටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ,නිශ්ශංක සේනාධිපති,හිටපු නාවික හමුදාපතිවරුන් ඇතුළු 8 දෙනෙකුට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (30) ඇප නියම කළේය. රජයට රුපියල් බිලියන 11.4ක  පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පුද්ගලයින් 8 දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී Read More

t

o

p